(නිමල කොඩිතුවක්කු)
ස්ථාවර නියෝග වලට අනුව පාර්ලිමේන්තුවේදි පිට පිට දින තුනක් මහින්ද රාජපක්ෂ මහතාගේ ඊනියා ආණ්ඩුව පරාජය කර ඇති බැවින් ව්‍යවස්තානුකූලව ඔවුන්ට කිසිලෙසකින්වත් ආණ්ඩු බලය හෙබවිය නොහැකි බව එක්සත් වාමාංශික පෙරමුණේ ප‍්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න මහතා කොළඹදී පැවැසීය.
එය පිළිනොගන්නේ නම් පාර්ලිමේන්තුව තුළ කළ හැක්කේ මේ යෝජනා නිශේධනය කිරීමට එයට වෙනස් යෝජනාවක් ගෙන ඒම පමනක් බවත් වික‍්‍රමරත්න මහතා සදහන් කළේය.
එක්සත් වාමාංශික පෙරමුණේ නියෝජිතයන් පිරිසක් රාජගිරිය පිහිටි සාධාරණ සමාජයක් සඳහා වු ජාතික ව්‍යාපාරයේ කාර්යාලයේ අද (19) පැවත්වූ මාධ්‍ය හමුවකදි ඔහු මේ බව පැවැසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න මහතා මෙසේද කීවේය.
‘‘අපි 2015 ජනවාරි 08 මේ වෙනස කලේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙනුයි. එහි නියමුවා වූයේ මෛත‍්‍රීපාල සිරිසේන මහතායි. අද ඔහු ප‍්‍රජාතන්ත‍්‍රවාදය විනාශකළ මහින්ද රාජපක්ෂ මහතා සමග ප‍්‍රජාතන්ත‍්‍රවාදය තවත් විනාශ කරමින් සිටිනවා. මේ දෙදෙනාගෙන්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදය බේරා ගැනීම අද මේ රටේ ජනතාව ඉදිරියේ ඇති කර්තව්‍යයයි.
මේ රටේ අධිකරණය ස්වාධීන වීම ගැන අපි ආඩම්බර වෙනවා. 19 වන සංශෝධනයෙන් එයට යම් රැකුලක් ලැබුනා.
විශ්වාසභංග යෝජනාවලින් පාර්ලිමේන්තුවේදි පිට පිට දවස් තුනක් මහින්ද රාජපක්ෂ මහතාගේ ඊනියා ආන්ඩුව පරාජය කරලා තියෙනවා. දැන් කියනවා යෝජනාවක් සම්මත කරලා දවස් ගණනක් කල් දීලා එන්න කියළා.
මේ යෝජනා තුනම සම්මත වුනේ ස්ථාවර නියෝග වලට අනුවයි. බහුතරයකගේ ඡුන්දයෙන් ස්තාවර නියෝග අත්හිටුවන්න පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 135 යටතේ පාර්ලිමේන්තුවට බළය ලැබෙනවා. එය ඉතාම සාමාන්‍ය කාරනාවක්. ඒ අනුව ස්තාවර නියේග අත්හිටුවලා මහින්දගේ ඊනියා ආන්ඩුව කෙරෙහි විශ්වාසය භංග කරලා තියෙනවා.
මෙය පිලිගන්නේ නැත්නම් පාර්ලිමේන්තුව තුල කල හැක්කේ මේ යෝජනා නිශේධනය කිරීමට මෙයට හරස් යෝජනාවක් ගෙන ඒම පමනයි. ඒක කරන්නේ නැතුව මේක ඇද ඇද ඉන්නවා.
ජනාධිපතිවරයා දැන් අනිකුත් පක්ෂවල නායකයා කවුද කියලත් තීන්දු කරන්න පටන් අරන් තියෙනවා. මේ රටේ යම්කිසි දේශපාලන පක්ෂයක පාර්ලිමේන්තු කණ්ඩායමේ නායකයා කවුද කියලා තීරණය කරන්න ඕන ඒ පාර්ලිමේන්තු කණ්ඩායමයි. ජනාධිතිවරයාට බැහැ වෙනත් පක්ෂවල පාර්ලිමේන්තු ඛණ්ඩායමේ නායකයා කවුද කියළා තීන්දු කරන්න.
ඔක්තෝම්බර් 26ට පෙර පැවැති තත්වයට රට ගෙන ආ යුතුයි. ඉන්පසු කෙරෙන වෙනස්කම් පිලිබඳ ඒ පක්ෂ බලාගනිවී අද අවශ්‍ය ඒකයි. ඔක්තෝම්බර් 26 සිට අද දක්වා සිරිසේන හා රාජපක්ෂ යුගලය විසින් කරන ලද අනර්ථයන් ඔවුන් විසින්ම නැති කළ යුතුයි.
නොරොච්චෝල පොලිස් බළ ප්‍රදේශයට අයත් දලුව තම්බපණ්නී නාවික අණු කණ්ඩය අසළ වෙරල තීරයට අද (3 ) දින සහල් උරයක ඇසුරූ කාන්තා මළ සිරුරක් සොයා ගත් බව නොරොච්චෝල පොල
පොලිස් අණ නොතකා පලාගිය මෝටර් රථයක් කොළඹ මහජන පුස්තකාලය අසලදී අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ මෝටර් රථයේ ගැටී හානි සිදුකිරීම සම්බන්ධයෙන්
2022 අරගල සමයේ සිදු වූ කලබලයත් සමග මැයි 9 වැනි දින සිදු වූ ගිනි තැබීම්වලින් නිවාසවලට වූ හානිය වෙනුවෙන් හිටපු ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරු 92 ක් රුපියල
තරුණයන් පිරිසක් ගමන් ගත් ටිපර් රථයක් ඇල්ලේවැව මාර්ගයේදි පාරෙන් ඉවතට පැන පෙරළී සිදුවූ අනතුරෙන් එහි ගමන් ගත් අවුරුදු 18 ක තරුණයකු මියගොස්, තවත් තරුණයන්
ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක් තුළ සැක කටයුතු පිරිසක් සිටින බවට එරට ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටු
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
දින තුනක් පරාද වු මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට කිසිදු බලයක් නැහැ