IMG-LOGO

2025 ජුනි මස 06 වන සිකුරාදා


දිනක් ඇතුළත නව කොරෝනා වයිරස ආසාදිතයන් 181,020ක්

ගෝලීය අර්බුද රැසක් නිර්මාණය කර තිබෙන නව කොරෝනා වයිරසය හේතුවෙන් දිනයේදී ලොව නන්දෙසින් නව කොරෝනා ආසාදිතයන් 1,81,020 දෙනකු හඳුනාගෙන ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.

 
ඒ අනුව දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම ගෝලීය නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන එය යැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා පෙන්වාදෙයි.
 
ගත වූ එම පැය 24ක කාලයේදී වාර්තා වූ ගෝලීය නව කොරෝනා වයිරස ආසාදිත මරණ ගණන 4,743කි.
 
සෙනසුරාදා එනම් ජූනි 20 වැනිදා දිනයේදී වාර්තා වූ ගෝලීය නව කොරෝනා ආසාදිතයන්ගේ සමස්ත ගණන වන 1,38,980 හා සැසඳීමේදී ඉරිදා දිනයේදී වැඩි වී ඇති කොරෝනා ආසාදිතයන්ගේ ගණන 44,111කි. ජූනි 20 වැනිදා සෙනසුරාදා දිනය තුළ පමණක් වාර්තා වී ඇති නව කොරෝනා වයිරස ආසාදිත මරණ ගණන 6,268කි.
 
රොයිටර්ස් පුවත් සේවයට අනුව නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය මේ වනවිට රටවල් සහ පරිපාලන ප්‍රදේශ 220කට අධික සංඛ්‍යාවකට පැතිර ගොස් ඇත.
 
නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය ‘‘අලුත් සහ භයානක අදියර’’කට පැමිණ ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ඉකුත් දා අනතුරු ඇඟවීය.
ලොව නන්දෙසින් දිනපතා වාර්තා වන සමස්ත ආසාදිතයන්ගේ ගණන ඉකුත් බ්‍රහස්පතින්දා 1,81,000 ඉක්මවූ බව මෙම නව අනතුරු ඇඟවීම කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ටෙඩ්‍රෝස් අදනොම් පැවැසීය.
 
 
ජූනි 16 වැනිදා සිට ජූනි 20 වැනිදා දක්වා ගත වූ දින පහකට ආසන්න කාලයේදී ගෝලීය වශයෙන් දෛනිකව වාර්තා වූ නව කොරෝනා ආසාදිතයන්ගේ ගණන 1,15,000ඉක්මවීය.
 
පසුගිය බ්‍රහස්පතින්දා වාර්තා වූ දිනයේදී පමණක් වාර්තා වූ දෛනික ගෝලීය ආසාදිතයන්ගේ ගණන 1,81,232ක් වූ අතර සිකුරාදා (19) 1,43,073 දෙනකු වාර්තා විය. සෙනසුරාදා (20) දිනයේදී පමණක් වාර්තා වූ දෛනික ගෝලීය නව කොරෝනා ආසාදිතයන්ගේ ගණන 1,38,980ක් විය.
 
‘‘දෙනිකව වාර්තා වන ආසාදිතයන්ගෙන් අඩකට ආසන්න ගණනක් වාර්තා වන්නේ ඇමෙරිකානු කලාපයෙන්’’ විඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා එම කරුණු කීය.
 
නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයේ නවතම දැනුම් දීම සඳහා දින කිහිපයකට වරක් ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී මාධ්‍ය හමුවක් පැවැත්වෙයි.
 
‘‘ලෝකය දැන් ඉන්නේ නව සහ භයානක අදියරක. වයිරසය වේගයෙන් පැතිරෙනවා. එය තවමත් මාරාන්තිකයි. මිනිස්සු තවමත් ඉතා ඉක්මනින් වයිරසයට ගොදුරු වෙනවා’’ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා කීය.
 
 (055)
 



අදහස් (0)

දිනක් ඇතුළත නව කොරෝනා වයිරස ආසාදිතයන් 181,020ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 98 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 273 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 423 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site