IMG-LOGO

දෑත් බැඳ මරා දැමූ සිරුරක් හමුවෙයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

දෑත් පිටුපසට කර ගැට ගැසා ඝාතනය කළ බවට සැක කරන නාඳුනන පිරිමි පුද්ගලයකුගේ මළසිරුරක් ඉංගිරියෙ රත්නපුර මාර්ගයේ නම්බපාන කැටකැරැල්ල පාලම ආසන්නයේ කැලෑ ප්‍රදේශයක දමා ගොස් තිබියදී අද  පෙරවරුවේ හමුවූ බව ඉංගිරිය පොලීසිය කියයි.

වයස අවුරුදු 40 සහ 50 අතර පසුවන පුද්ගලයකු බවට සිතිය හැකි යැයි පොලීසිය කියයි.

එම පුද්ගලයාගේ දෑත් බඳ පටියකින් සහ සුදු පාටට හුරු බැනියමකින් පිටුපසට කර ගැටගසා තිබූ බව පොලීසිය කියයි.

උඩුකය නිරාවරණය තිබූ එම පුද්ගලයා කළු පාටට හුරු කලිසමක් හැඳ සිටින පොලීසිය කියයි.

කිසියම් ප්‍රදේශයක දී ඝාතනය කර අද අලුයම් කාලයේ දී මෙම ස්ථානයට ගෙනත් දමන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

මීට දින කීපයකට ඉහතදී මෙම ස්ථානයට ආසන්නයේ තිබී මිනිස් අස්ථි කොටස් කීපයක් ද පොලිසියට හමු විය.

 

 



අදහස් (4)

දෑත් බැඳ මරා දැමූ සිරුරක් හමුවෙයි

siri Thursday, 15 December 2022 12:23 PM

මේවා යළි ක්‍රියාත්මකයිද?

:       3       11

PereraThursday, 15 December 2022 01:20 PM

යළි ක්‍රියාත්මක වෙන්න මේවා කවුද නැවැත්වුවෙ???

:       2       11

ranjith Thursday, 15 December 2022 01:35 PM

මේවා දැක්කාම සංචාරකයෝ ඒවිද? උද්ඝෝෂණ නෙවෙයි. මේ වගේ බිහිසුණු දේවල් සිදුවුණු රටකට සංචාරකයෝ ඒවිද?

:       5       14

sharm warn Thursday, 15 December 2022 02:55 PM

පාලනය බලෙන් අරගෙන ඉන්නෙ මෙව්වර නම ගිය පොරක් නෙ.. ඉතින් මෙහෙම එව්වා නොවි වෙන මොනව වෙන්නද?

:       6       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 92 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1013 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site