(අමිල සම්පත් ශ්‍රී)
දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා සඳහා කිසිවකු ඵරටට යවා නැතැයි තරුණයෝ පිරිසක් චෝදනා කරති.
රජය හරහා විභාගයකින් තොරව කොරියාවේ රැකියා දෙන බව පවසා එම දේශපාලනඥයා එක් තරුණයකුගෙන් රුපියල් 40ල000 බැගින් තරුණයන් 500කගෙන් මෙසේ මුදල් ගෙන ඇතැයි පවසන මෙම තරුණයෝ රුපියල් 1500 බැගින් අයකර පුහුණුවක් දුන් බව ද සදහන් කරති.
දින හයක් පැවැති කොළඹ මාකොළ ප්‍රදේශයේ දින හයක් පැවැති පුහුණුවට තරුණයන් හැට දෙනකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගි කරවූ බව ද මෙම තරුණයෝ සඳහන් කළහ.
විභාගයකින් තොරව කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා අවස්ථාව කඩිනමින් ලබාදෙන බවත් දිස්ත්‍රික්කයකට රැකියා පනහක් ලැබී ඇති බවත් එම දේශපාලනඥයා පැවැසූ බවද ඔවුහු කියති.
වතුකරයේ තරුණයන් කොරියානු රැකියා සඳහා පිටත් වුවහොත් දළු කැඩීමට බාධාවන හෙයින් වතුකරයට ලැබෙන රැකියා තිස්සමහාරාමයට ලබා ගැනීමට කටයුතු කළ බව දේශපාලනඥයා තරුණයන්ට පවසා ඇතැයි ද කියති.
පුහුණුවට ගිය සෑම තරුණයකුම පොලිස් වාර්තාව ඇතුළු ලියකියවිලි මෙම දේශපාලනඥයාට බාර දී මාස දෙකක් ගතවී ඇතත් තවමත් එක් තරුණයකු හෝ කොරියානු රැකියාව සඳහා යවා නොමැති බැවින් වියදම්වූ මුදල් ලබා ගැනීමේ අවිනිශ්චිත තත්වයක් මතුවී ඇතැයි තරුණයෝ සඳහන් කළහ.
--
ශ්‍රී ලංකාව සංචාරක වීසා සඳහා අයකරන ගාස්තුව ඉහළ යෑම නිසා ඉදිරියේදී මෙරට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව සියයට 50 කින් පමණ අඩු වීමේ අවදානමක් ඇති බව ශ්‍රී ලං
චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමට අද (6) සමත් විය.
මෙරට අනාගත පරපුරේ ප්‍රධානම විභාග කඩඉමක් වන 2023 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (6) ආරම්භ වේ.
හංවැල්ල ජල්තර රාජ්‍ය සේවක නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි තම බිරිය ඝාතනය සදහා ඊයේ (05) දින සවස අත් බෝම්බයක් රැගෙන පැමිණි නීත්‍යානුකූල සැමියා බව කියන පුද්ගල
ශ්‍රී ලංකාව විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය කළ ද ජපානයේ මූල්‍ය ආධාරවලින් ඉදිකිරීමට යෝජිත සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කිරීම අවිනිශ්චිත තත්වය
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
පිටරටවැසියා Thursday, 25 April 2024 07:36 AM
මොකාද මේ තක්කඩි අපතයා? නම දාන්න බැරිද??
Senarath Thursday, 25 April 2024 08:55 AM
මේ වංචා කාරයන්ට නමක් නැතිද?
සෙනෙවිරත්න Thursday, 25 April 2024 10:46 AM
මේ අර ගාල්ලේ ....?? මෑනුත් බැහැලා ඉන්නවා විදෙස් රැකියා සීන් එකේ.
Prathap Thursday, 25 April 2024 12:00 PM
මනූෂ ගේ වැඩක් නේද
sugath Thursday, 25 April 2024 12:57 PM
දමිතා වගේ හිරේ දාවි නේද?
නිමල් Thursday, 25 April 2024 06:55 PM
දමිතාට ලක්ෂ 40ට නඩු. ලක්ෂ 500ට මෙයාට නඩු නැද්ද?