(ගයාන් සූරියආරච්චි)
සූර්යා වටා රැස් විහිදුවමින් දිස්වුණු අලංකාරවත් රැස් වළල්ලක් අද (29) දකුණු පළාත් ඉහළ අහසේ දක්නට ලැබිණි.
මෙම අවස්ථාව දැකබලා ගැනීමට විශාල ජනතාවක් උනන්දු වූ අයුරු ද දක්නට ලැබිණි.
මේ පිළිබදව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයනාංශයේ අංශ ප්‍රධානී මහාචාර්ය චන්දන ජයරත්න මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ මෙවැනි අදහසකි.
‘‘මෙවැනි තත්ත්වයකට අපි කියන්නේ සූර්යා ප්‍රභා මණ්ඩලයක් කියලයි. ජල වාෂ්ප ඉහළ අහසට ගමන් කිරීමේදී අයිස් ස්ඵටික බවට පත්වෙනවා. අපට පියවි ඇසට නොපෙනුනත් ඉහළ අහසේ ෂඩශ්‍රාකාර තද අයිස් ස්ඵටික අැතිවී තිබෙනවා. සූර්යා ආලෝකය එම අයිස් ස්ඵටිවලට පතිතවීමේදී ආලෝකය පරාවර්ථනයවී විවිධ වර්ණ අපට දැකගැනීමට හැකිවෙනවා.
සූර්යාලෝකය මෙම අයිස් ස්ඵටිකවලට පතිතවීමෙන් සුදුපැහැති ආලෝක වළල්ලක් දැකගැනීමට හැකිවෙනවා. මෙම ආලෝක වළල්ලට සාපේක්ෂව එය මැනගැනීමට දෑත් දිගු කළහොත් එහි වක්‍රය අංශක 22 කින් පමණ පිහිටනවා. එම නිසා අප එයට අංශක විසිදෙකේ ප්‍රභා මණ්ඩලය කියලත් කියනවා. සාමාන්‍ය යෙන් මෙවැනි සූර්යා ප්‍රභා මණ්ඩල දිස්වීමෙන් අදහස්වනුයේ දකුණු පළාතට ඉදිරියේදී පෑවිල්ලට මුහුණදීමට සිදුවන බවයි.“ යනුවෙන් මහාචාර්යවරයා කීය
(චන්ද්‍රසිරි ගුණසේකර)


(සුසිල් ප්‍රියන්ත)


(සනත් ගමගේ)

(එස්.ඩී. කොඩිකාර)


(කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයනාංශයේ අංශ ප්‍රධානී මහාචාර්ය චන්දන ජයරත්න මහතා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේත්, පාලකයින්ගේත් වාසනාව රටකට ශ්‍රී විභූතිය උදාවෙලා... පාලකයෝත්, දැහැමි වුණු හැමදාකම මේ වගේ දේවල් ඉතිහාසය පුරාම සිද්ද වුණා.. මේ පාරත් ටක්කෙටම වෙලා තියෙන්නේ... එ්කයි සූර්ය දෙවියෝත් අපිට නමස්කාර කරනවා...
ඔය දියසෙන් කුමාරයා බිහිවීමේ ලකුණු...
මහාචාර්ය චන්දන ජයරත්න මහත්තයා එහෙම කිව්වට ඕක ඇත්තටම අර අලුතෙන් රට ගොඩදාගන්න ගෙනාපු අපේ නව මුදල් ඇමැති උතුමාගේ රූපය එක්ක ටික දවසකින් ලැබෙන සෞභාග්‍ය පෙන්නුම් කරන පෙරනිමිත්තක්නේ... මේ අනන් මනන් කතා පැත්තක තියලා සියලු දෙනාම සාදුකාරයක් දෙන්නයි තියෙන්නේ.
ඔය රවුම වැඩිපුර පේනවා කියන්නේ මැදමුලන පැත්තට...
ඔය රවුම මැද්දට අර පවුලේ සාමාජිකයන්ගේ පින්තූරෙ වැටෙනවලු...
මහාචාර්යතුමා හොඳ වෙලාවට මේ ගැන පැහැදිලි කෙරුවේ. නැතිනම් අපේ දේශපාලකයින්ට පුළුවන් වේවි මේ බයියන් රැළට එක එක දේවල් පෙන්වන්න..
විශාල ශබ්දයක් ආවේ නැද්ද ?
සෞභාග්‍යයේ දැක්ම ඔය .හඳ වටේටත් ඔහොම වළල්ලක් රට ගොඩම තමයි .