පුද්ගලයන් 181 දෙනකු රැගෙන, තායිලන්තයේ බැංකොක් අගනුවර සිට දකුණු කොරියාවට පැමිණි, දකුණු කොරියානු මගී ගුවන් යානයක් අද (29) උදෑසන අනතුරට පත් විය.
අනතුරින් දෙදෙනකු පමණක් බරපතතල තුවාල ලබා දිවි බේරා ගත් බව දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කළේය.
යානය අනතුරට පත් වූයේ දකුණු කොරියාවේ, මුවන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබාද්දීය. යානය ගුවන් පථයට ගොඩබාද්දී, එහි රෝද නිසි ලෙස ක්‍රියාත්මක නොවුණු බැවින්, එය ගුවන් පථයේ ලිස්සා ගොස් හැපී පිපිරිණි.
යානය එක් වරක් ගුවන්තොටුපොළට ගොඩබෑමට උත්සාහ ගත් බවත්, එය අසාර්ථක වූ බවත් ගුවන් තොටුපොළ බලධාරීහු පසුව පැවැසූහ. එය අනතුරට පත් වූයේ දෙවැනි වර ගොඩබද්දීය. යානය ගුවන් පථයේ ලිස්සා ගොස් අනතුරට පත්වන අයුරු දැක්වෙන වීඩියෝ දසුන් මේ වනවිට විදෙස් මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී අවසන්ය.
යානයේ සිටි 181 දෙනාගෙන් 175 දෙනකු මගීන් වන අතර, නියමුවන් ද ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයන් ගණන හයකි. මගීන්ගෙන් වැඩි දෙනා කොරියානුවන් බවත්, තායිලන්ත ජාතිකයන් දෙදෙනකු ද සිටි බවත් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
අනතුරින් බරපතල තුවාල ලබා පණ බේරාගත් බව පැවැසෙන්නේ, ගුවන් සේවිකාවන් දෙදෙනෙකි.
යානය ගුවන් පථයේ ලිස්සා, එයින් පිටපැන ගොස් හැපී, පුපුරා ගිනි ගනිද්දී, ගුවන්තොටුපොළ ගිනි නිවන භටයෝ වහා ක්‍රියාත්මක වී නිවා දැමීමට යුහුසුළු වූහ. ගින්න නිවා දැමීමට ගිනි නිවන ට්‍රක් රථ 32 ක් යොදා ගැනුණි.
අනතුරට පත් වූයේ දකුණු කොරියාවේ ජේජු ගුවන් සේවයට අයත් බෝයිං 737-800 වර්ගයට අයත්, අංක 2216 ගුවන් යානයයි. ජේජු යනු දකුණු කොරියාවේ විශාලතම සකසුරුවම් ගුවන් සේවයයි.
මගී යානය අනතුරට පත් වූයේ දකුණු කොරියාවේ
වේලාවෙන් අද (29) උදෑසන 9.03 ට පමණය. යානය බැංකොක් අගනුවරින් පිටත් වී ඇත්තේ අද අලුයම 2.29 ටය.
යානයේ පියසැරි දත්ත අඩංගු කළු පෙට්ටිය සෙවීම මේ වනවිට ආරම්භ වී ඇති බවත්, එම කළු පෙට්ටියේ දත්ත අනුව, අනතුරට හේතුව නිවැරදිව දැන ගැනීමට හැකිවනු ඇති බවත් පැවැසෙයි.
දකුණු කොරියාව මේ වනවිට දේශපාලන අර්බුදයකට මුහුණ පා සිටී. දකුණු කොරියානු වැඩ බලන ජනාධිපති චෝයි සංග් මොක් ද මුවන් ගුවන්තොටුපොළට පැමිණ අනතුර සිදුවුණු ආකාරය සහ අනතුර සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වෙන ආකාරය පිළිබඳ සොයා බැලුවේය. චෝයි සංග් මොක් දකුණු කොරියාවේ වැඩ බලන ජනාධිපති ලෙස එම තනතුරට පත්වූයේ පසුගිය 27 වැනිදාය.
(Yonhap පුවත් සේවය ඇසුරිනි)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ තුන් දින නිල සංචාරයක් සදහා කටුනායක ගුවන් තොටුපොළෙන් 05/03 දින පස්වරුවේ පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය
ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ වෙඩික්කරු පැය 48 කාලයකට රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා ගත්බව බස්නාහිර පළාත් දකුණ දිශාව අපරාධ කොට්ඨාසය කියයි
පළාත් පාලන ඡන්ද ප්‍රචාරක කටයුතු සඳහා තමාගේ ගමන් බිමන්වලට වැය වූ ඉන්ධන මුදල් නැවත රජයට පියවන බව ජනාධිපති අනුර දිසානායක මහතා පැවසීය.
පළාත් පාලන මැතිවරණයේ පළමු ඡන්ද ප්‍රතිඵල රාත්‍රී 11 වන විට ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසී
ත්‍රස්තවාදී පනත යටතේ රැඳවුම් නියෝග ලබා තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වශයෙන් හඳුන්වන නදුන් චින්තක නොහොත් හර
ගිවිසුම් අවලංගු කෙරුණු පාලම් 97ක ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට 2023 වසරේදී රුපියල් කෝටි 33කට වැඩි මුදලක් ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තා
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
දකුණු කොරියාවේ මහා ගුවන් අනතුරක්