
(විමුක්ති එස් රුද්‍රිගු)
සංස්කෘතික සංරක්ෂණය සඳහා වන එක්සත් ජනපද තානාපති අරමුදල සහ බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ මධ්‍යම සංස්කෘතික අරමුදල ඒකාබද්ධව ලෝක උරුමයක් වන පොළොන්නරුවේ ථූපාරාම පිළිමගෙය සංරක්ෂණය කිරීම සඳහා වන ව්‍යාපෘතියක් ඊයේ (17) ආරම්භ කළේය.
සංස්කෘතික සංරක්ෂණය සඳහා වන එක්සත් ජනපද තානාපති අරමුදලේ ලබාදුන් ඇමෙරිකානු ඩොලර් 109,000 (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 310 ක් පමණ) ක ප්‍රදානයක් යටතේ මෙම ව්‍යාපෘතිය ආරම්භ කළ බවත් මෙම ප්‍රදානය අනාගත පරම්පරාව සඳහා ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමයන් සුරැකීමට එක්සත් ජනපදයේ කැපවීම පිළිබිඹු කරන බවත් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය ප්‍රකාශ කළේය.
ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ජුලී චන්ග් මහත්මිය සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිනිදුම සුනිල් සෙනෙවි සම්මාන මහාචාර්යද දැන් තාම "මහාචාර්ය" කෑල්ල තියාගෙන ඉන්නේ? නීතිය නම් හැමෝටම නීතිය එකක් වෙන්න එපායැ. ආචාර්ය උපාධියක් තියෙනවා නම්, සම්මාන මහාචාර්යත් නෙවෙයි නම්, සරසවියෙනුත් අස්වෙලා ඉන්නවා නම් "ආචාර්ය" මිසක් එයා "මහාචාර්ය" නොවෙයි...
ආචාර්ය මහාචාර්යය මනුස්සයාට ආචාර්ය පට්ටමක්වත් තියෙනවනේ. එයා අර බොරු ආචාර වෙච්චි පස්සේ අකුලා ගත්තු හිටපු කතානායකවරයා වගේ නෙවෙයිනේ, දැන් එයා දැනුවත්ව වංචාවක් කෙරුවේ මොනවද ඒකට කෙරුවේ...? ජනතාවගෙන් සමාව අයැදුවද, එයා ආචාර්ය උගතා කියලා හිතලා මනාප ගහලා මනාප තරගෙන් පරදවපු පළවෙනියාගෙන් එයා සමාව ගත්තාද? මොකක්ද සදාචාරය, අච්චර ලොකු ඒවා තියෙද්දී මෙයාට මොකට බනිනවාද?
ජේ වී පී LTTE ඩයස්පෝරා හවුල් ආන්ඩුව ලන්කාවම අනාගමික කියමින් බුද්ධාගම විතරක් නැති කරලා ඇමරිකන් තානාපතිත් සතුටු කරලා ලන්කාවේ බෞද්ධ පන්සල් ඇතුලු ඔක්කෝම බෞද්ධ දේවල් මේ වගේ නටබුන් ලෙසට නම් කරාවි.. මේ කරන්නේ කාඩිනල් පත්කරපු කතෝලික බුද්ධ ශාසන ඇමති බෝන් අගේන් ජූලී චූන්ට වාර්තා කරන එක... සුද්දන්ට නැමෙන අනාගමිකයෝ.
අපේ බදු සල්ලි පාවිච්චි කරලා මොකද? මේ මෙච්චර නිලධාරින් තොගයක් සහ ඇමැති මේ බෝන් අගේන් පල්ලියේ ලන්කාවෙන් බුද්ධාගම නැති කරන්න කටයුතු කරන තානාපති කෙනෙකුට මෙච්චර වාර්තා කරන්නේ. අපි ඇමරිකාවේ කොලනියක්ද?
රුපියල් ලක්ශ තුන්සිය ගානක්. සොච්චමක් දීලා ලැජ්ජා නැතිව මේ මාධ්‍ය සංදර්ශන දැමීමට අපේ මුළු රොත්තක්ම එකතු වෙලා...
ජාතික සමගිය නැතිවෙන්න පුළුවන්... ඕවා කරන්න එපා...