(අජිත්ලාල් ශාන්තඋදය)
පහතරට තෙත් කලාපයේ නැවත තේ වගා කිරීමේ දී වසරක කාලයක් තුළ පස පුනරුත්ථාපනය වන වැඩි දියුණුකළ සී ඕ 3 හෙවත් දොළොස් මහේ මානා නම් තෘණ වර්ගය හඳුන්වා දීම තුළින් තේ ගොවීන්ට අඩුකාලයක් තුළ නැවත වගාවෙන් ආදායම් ලැබිය හැකි බව පහතරට තේ පර්යේෂණායතනයේ ප්‍රධානී සහ ප්‍රධාන තේ පර්යේෂණ නිලධාරී ආචාර්ය එම්. ඒ විජේරත්න මහතා අවධාරණය කරයි.
වැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියත්මක කුඩා තේ සහ රබර්වතු පුනර්ජීවන ව්‍යාපෘතිය හෙවත් ස්ටාර් ව්‍යාපෘතිය මගින් මෙසේ නැවත තේ වගාකරන තේවතු හිමියන්ට හෙක්ටයාර් එකකට රුපියල් හයලක්‍ෂ පනස් දහසක මුදලක් ආධාර වශයෙන් ලබාදිමට ද නියමිතයි.
රත්නපුර දිස්ත්‍රික්කයේ පමණක් ජනගහණයෙන් 40%කට වැඩි පිරිසකගේ ආර්ථිකය රඳා පවතින්නේ තේ ආදායම මතය. අක්කර භාගයේ සිට අක්කර පහ දහය තෙක් ප්‍රමාණයෙන් තේ වගා කරන පිරිස් සිටිති. තේ වගාව පැරණි වන විට අස්වනු අඩුවී යයි. වසර විස්ස ඉක්මවු පසු පරණ වගාව ගලවා ඉවත් කර නැවත තේ වගා කිරිම සිදුකිරීමෙන් අස්වනු ඉහළ නංවා ගැනීමට හැකිය.
තේ නැවත වගා කිරීමේදී පැරණි වගාව ඉවත් කිරිමෙන් පසු භූමියේ මානා වගා කර පස පුනරුත්ථාපනය කළ යුතු බව ආචාර්ය එම්.ඒ. විජේරත්න මහතා පවසයි. මෙතෙක් කල් වගා කළ ගෝතමාලා හෝ පැඟිරි මානා වර්ගය වසර දෙකක කාලයක් තිබිමෙන් පසු ගලවා ඉවත්කර නැවත තේ ගලවා කළ යුතුය.
පහතරට තේ පර්යේෂණායතනයේ ප්‍රධානී සහ ප්‍රධාන තේ පර්යේෂණ නිලධාරී ආචාර්ය එම්. ඒ විජේරත්න මහතා:
සීඕ 3 හෙවත් දොළොස් මහේ මානා නේපියර් තෘණ වර්ගයට අයත්. දීර්ඝ කාලයක් අපි පරීක්‍ෂණ පවත්වලයි සීඕ 3 නැවත තේ වගාවට පෙර පස පුනරුත්ථාපනය සඳහා සුදුසු බවට හඳුන්වලා දුන්නේ. දෙමුහුන් තෘණ වර්ගයක් නිසා ස්වභාවිකව ව්‍යාප්තවීමක් සිදුවන්නේ නෑ.
මෙතෙක් කල් නැවත තේ වගාවට පෙර ගෝතමාලා හො පැඟිරි මාලා කියන මාන වර්ගය තමයි වගා කළේ. අවුරුදු දෙකක් ඒවා වගා කරලා තිබිලා ගලවලා නැවත තේ වගාකර වසර දෙකක් යනකම් අස්වැන්න ලබාගන්න බලා ඉන්න ඕනෑ. මේ නිසා වසර කිහිපයක් ආදායම් ගන්න බලා ඉන්න වුණා. නමුත් සීඕ 3 හෙවත් දොළොස් මහේ මානා වගාකර නැවත තේ වගා කලොත් ආදායම් ලබන්න එච්චරකල් ඉන්න ඕනෑ නෑ.
මේ තෘණ වර්ගය සුදුසු පහතරට කලාපයටයි. කිරිඇල්ල කුරුගම්මෝදර ප්‍රදේශයේදී අපි දින කිහිපයකට පෙර මේ මානා වගාව හඳුන්වාදීම සිදුකළා ආචාර්ය විජේරත්න මහතා පැවසුවේය.
කුඩා තේ රබර්වතු පුනර්ජීවන ව්‍යාපෘතිය හෙවත් ස්ටාර් ව්‍යාපෘතියේ රත්නපුර දිස්ත්‍රික් කළමනාකාර අසේල වික්‍රමසිංහ මහතා පැවසුවේ යල්පැනගිය තේ වගාව ගලවා නැවත වගා කිරිමට කුඩා තේවතු හිමියන් මැළිකමක් දක්වන බවයි.
විදේශ විනිමය ලැබීමේ දී කුඩා තේවතු හිමියාගෙන් ලැබෙන දායකත්වය ඉතා ඉහළ බවද පැවසුවේය.
මේ නිසා අස්වැන්න අඩුවෙන් ලැබෙන අවුරුදු විස්ස ඉක්මවූ තේ වගාව ඉවත්කර නැවත තේ වගාව සඳහා හය ලක්‍ෂ පනස් දහසක සහනාධාරයක් ලබාදෙන්නේද ගොවීන් දිරිමත් කිරිමට බවද අසේල වික්‍රසිංහ මහතා පැවසීය. මෙහිදී නැවත තේ වගා කරන ඉඩමේ පස් සාම්පත් ලබාගෙන තේ පර්යේෂණායතනය මගින් පරීක්‍ෂාකර පාංශු දත්ත වර්තාවක් ගෙන ඔවුන්ගේ අනුමැතිය ලබාගැනීම කළ යුතු බවද අවධාරණය කළේය.
ඉන්දීය ආරක්ෂක අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවක වන අරුමාහන්දි ජනිත් මදුසංකද සිල්වා නොහොත් පොඩි ලැසි නමැත්තාගේ නැන්දනිය, අම්බලන්ගොඩ රාජ්‍ය
ගොඩකවෙල ප්‍රාද්ශීය සභාවට පොහොට්ටුවෙන් ඉදිරිපත් වෙන අපේක්ෂකයකු හා ඔහුගේ සහෝදරයකු බව කියන පුද්ගලයකු ගෝඩා මිලි ලීටර් පන් ලක්ෂ විසි දහසක් කසිප්පු මිලි
2025 මැයි දිනය සමරන්නේ අපේ ආණ්ඩුව යටතේ බව 2024 වසරේ මැයි දිනයේදී අනුර සහෝදරයා කිව්වා. අප දැන් ඒ පොරොන්දුව ඉටුකර තිබෙනවා යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූ
වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා
සබරගමු සරසවියේ දෙවැනි වසරේ ශිෂ්‍යයකු සිය දිව් නසා ගැනිමට නවක වද සිද්ධියක් හේතු වූයේ දැයි සෙවිමට විශ්ව විද්‍යාල ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇතැයි සබර
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
‘තේ වගාව සඳහා පස පුනරුත්ථාපනය කිරීමට නව මානා වර්ගයක්‘
සරත් හෙට්ටිආරච්චි Tuesday, 23 June 2020 01:20 AM
මෙම කටයුත්ත සමගම වැඩි අස්වැන්නක් සහිත තේ වර්ග හඳුන්වා දීමටත් දැනට කුඩා තේ ඉඩම් හිමියන් වගාකර අඩු ආදායම් නිසා පාඩු සිදුවන තේ වර්ග ඉවත්කිරීමට කටයුතු කිරීමත් එවැනි අඩු අස්වැන්නක් සහිත තේ පැළ විකිණීම තහනම් කිරීමටත් කටයුතු කරනවා නම් සුදුසුයි. මම හිතනවා සමහර අස්වනු අඩු තේ ඉඩම් හිමියන් දළු නෙලීම නොකර පැල සැකසීම පමණක් කරනවා කියලා. (මම මේ අදහස ඉදිරිපත් කලේ මමත් අක්කර භාගයක තරම් තේ වගාවක් කර අත් දැකීම් ඇතිවයි. මම සිටෙව්වේ එක් පැළ වෙළෙන්දෙකුගෙන් ලබාගත් තේපැල වලින්... නමුත් ඒවායින් දළු නෙලීමට හැකි වන්නේ දින 10කට හෝ 12කට වරක් පමණයි. මේ නිසා සතියකට වතාවක්වත් දළු නෙලීමට නොහැකි තේ වර්ග ඉවත් කිරීමට අවධානය යොමුවේවා...!!!