
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය ජාවත්ත මාර්ගයේ සළුසල අසලදී අනතුරකට ලක්වී ඇතැයි නාරාහේන්පිට පොලිසිය කියයි
අනතුරින් මන්ත්‍රීවරයා ඇතුළු තිදෙනෙකු තුවාල ලබා ඇත . මන්ත්‍රීවරයා ගමන් ගත් ජීප් රථය සහ මෝටර් රථයක් එකිනෙක ගැටී මෙම අනතුර සිදුවී ඇත.
තුවාල ලැබූවන් අතර මෝටර් රථයේ රියදුරු සහ මගියෙකු ද වන බවත් තිදෙනාම නාරහේන්පිට ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති බවත් පොලීසිය කියයි.

COMMENTS
හරිම කණගාටුයි
කන්ටේනර් දෙවියනේ මම ඔබ වහන්සේට ඊයෙත් පිං දුන්නා. අපව ගලවා ගන්න නිතර නිතර ලංකාවට වඩින්න කියා….
මෙය අනික් සමහර එවුන් තරම්ම ප්‍රසිද්ධියක් නෙමෙයි නිසා බෙරිලාද කොහෙද
සුභ ආරංචියක්. කරුණාකර යාවත්කාලීනව තබන්න
පිට පිට අනතුරු දේශපාලකයන්ට දැන් සොහොන් ලකුණු පෙන්නනවා
හරියට වැඩ ,කලබලේට යන්නෙ ඒකයි, අනතුරු වෙන්නෙ ඒ නිසා, මේ අය කලබලේට ගිහින් හදපු රටේ සැප අපි විඳිනව ඕසෙට.
නිවන් දොර ඇරේවා!
අයියෝ, මැරිලා නැද්ද ?
ඡන්දයට කලින් අලුත් වාහන ගන්න මේ අය සිතා මතා රිය අනතුරු කරගන්නවා වගේ...