
(අංජුල මහික වීරරත්න)
දරුවන්ගේ පරපුර කවදාවත් යළි යුද්ධ නොකරන රටක් ගොඩ නගන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තලවකැලේ ජනරැළියේදී අද පැවසීය.
මේ පොළොවට කෙදිනක හෝ පොහොර වන අපි රටට ආවේ කොහෙන්ද කියා සිතීම ඉතිහාසයට අයත් කරුණක් පමණක් බව කී ජනාධිපතිවරයා සියලු දෙනාගේ අයිතීන් සමව සලකන රටක් ගොඩනඟන බව අවධාරණය කළේය.
" මෙතැනින් පසු මේ වගේ ආණ්ඩු හැර වෙන ආණ්ඩු ආපහු හැදෙන්නේ නැහැ.ඒගොල්ලන්ට ආණ්ඩු හදන්න ඕන නම් අපි කරන දේවල් ඉගෙන ගන්න සිද්ධ වෙනවා.
අපි ආණ්ඩුව ගොඩනැගුවේ උතුරු නැගෙනහිර, කඳුරට, දකුණ සියලු ජනතාවගේ සහභාගීත්වයෙන්.අප අදහස් ප්‍රකාශ කරන අයිතියට ගරු කරනවා.නමුත් කිසි දිනක යළි ජාතිවාදයට ඉඩක් දෙන්නේ නැහැ.තිබෙන නීති මදි නම් ජාතිවාදය පරදන්න අලුත් නීති හදනවා.යනුවෙන්ද ජනාධිපතිවරයා කීය.
COMMENTS
හරි හරි, අලුත් ඒවා කරන්න ඉස්සර දැනට මාස හයකට කලින් දීපු ඡන්ද පොරොන්දු ටික ඉෂ්ට කරන්නකෝ කයියනායක...!
එහෙම කොහොමද? මම පුංචි රුපියල් සියය බැගින් එකතු කරලා පුළුල් පෙරමුණක් හදලා ජාතිය ආගම බේරා ගන්නවා.
පච වාදයට එරෙහි නීති හැදෙන්නේ නැතිද..?
නැතිනම් හදලා කියනවා...