IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


තායිලන්ත උප ඇමති අගමැතිනිය හමුවෙයි

(යොහාන් භාසුර)

තායිලන්ත අග්‍රාමාත්‍ය කාර්යාලයේ උප ඇමති විශ්‍රාමික ජෙනරාල් නිපාට් තොන්ග්ලික් මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්වීණි.

දෙරට අතර ආරක්ෂක හුවමාරුව පිළිබඳ අවබෝධතා ගිවිසුම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ පොලිස්පතිවරයා සමඟත් කළ ඵලදායි සාකච්ඡා පිළිබඳව උප අමාත්‍යවරයා අග්‍රාමාත්‍යවරිය දැනුවත් කළේය.

මිනිස් ජාවාරම මැඩලීමේ වැඩපිළිවෙල පිළිබඳව දෙපාර්ශවය සාකච්ඡා කළ අතර මියන්මාරයේ මිනිස් ජාවාරමට හසුව සිටින ශ්‍රී ලාංකිකයන් මුදාගැනීමේ මෙහෙයුම් සඳහා තායිලන්ත රජය දක්වන සහය පිළිබඳව ප්‍රශංසාව පළ කළ අග්‍රාමාත්‍ය අමරසූරිය, දැනට විපතට පත්ව සිටින ඉතිරි ශ්‍රී ලාංකිකයන් 18 දෙනා නිදහස් කර ගැනීම සඳහා තවදුරටත් සහාය අපේක්ෂා කරන බවද පැවසුවාය.



අදහස් (0)

තායිලන්ත උප ඇමති අගමැතිනිය හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 726 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site