(යොහාන් භාසුර සහ ටී. කේ. ජී. කපිල)
ආනයනය තහනම්කර සහ ආනයනය සීමාකර ඇති භාණ්ඩ ගමන් මළුවල රැගෙන ඒමෙන් වැළකින ලෙස ගුවන් මගීන්ගෙන් ඉල්ලා සිටින බවත් රේගු උපදෙස් නොතකා එවැනි භාණ්ඩ රැගෙන එන මගීන්ට එරෙහිව රේගු ආඥාා පනතේ සහ ආනයන අපනයන පාලන පනතේ විධිවිධානවලට අනුව කටයුතු කරන බවත් රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ගුවන්තොටුපළ හෝ භාණ්ඩ ආනයනය කරන විවිධ ආයතන හරහා ගෙන එන එවැනි භාණ්ඩ රාජසන්තක කිරීම සහ දඩ පැනවීම කරන්නේ යැයි කියන රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා තහනම් භාණ්ඩ නීතිවිරෝධි රටට ගෙන ඒම ඉහළ ගොස් ඇති බව ද සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි ආකාරයට කටයුතු කරන්නේ නම් රට විරුවන් රටට සල්ලි එවීම පිළිබඳව විශ්වාසයක් නැහැ
ගමන් මලු වල කවුද තහනම් බඩු ගේන්නේ? කවුරුත් පරීක්ෂා කරන්නේ නොමැති නිසා ඒ කාලයේ දූෂිත දේශපාලනඥයින් නම් ගෙනියන්න ඇති.
මොනවද මේ කියන තහනම් භාණ්ඩ?
ඒ මොනවද කියලා ප්‍රසිද්ධ කළොත්
මෙහෙම හිතමු අම්මා පිටරට ඉන්නෙ. මම එහේ හම්බ කරපු සල්ලිවලින් දැනට වළක්වලා තියෙනවා බඩුවක් අරන් එනවා. දැන් එක කොහොමද වැරදි වෙන්නෙ. එහෙනම රට ඉන්න මිනිස්සුන්ගෙන් සල්ලි එවන්න කිය කියා වැළලෙන්න හදන්නේ ඇයි? ඔය රේගුවේ තමයි වැඩිහරියක් දූෂිතයන් සිටින්නේ
දැන් ඕකක් විදෙස් සංචාරකයෙක් අරන් ආවොත් එයාගෙත් දේවල් රාජසන්තක කරනවද?
තහනම් බඩු මොනවද කියලා දැනුවත් කරලා නෑ මේ නිවේදනයෙන්
රේගුවේදී මිනිසුන්ට කරදර නොකර, ඔය "තහනම් බඩු" මොනවද කියල කලින්ම කිව්වොත් නරකද?
තහනම් බඩු: පෙට්‍රල් ඩීසල් ගෑස් පොහොර සහ විදේශ මුදල්
මොකක්ද මේ විහිලුව? සමහර භාණ්ඩ ආනයනය සීමා කරලා තියෙන්නේ. ආණ්ඩුවට ගෙවන්න ඩොලර් නැති හින්දා ,ඉතින් එම භාණ්ඩ විදේශ ශ්‍රමිකයෝ වෙනත් රටවල් වලදී තමන්ගේ සල්ලි වලින් මිලදී අරන් එනකොට ආණ්ඩුවට වෙන පාඩුව මොකක්ද? රටේ මිනිසුන්ට වහල්ලු වගේ සලකන එක දැන්වත් නතර කලොත් හොඳයි
ලංකාවේ නැති එකේ ඔය නැති දෙයක් ගෙනාවාම මක් වෙනවාද? කුඩු කන්ටේනර් ගණනින් ගේන්න තහනම් නෑ පිටරටක ඉන්න කෙනෙක් ඔය මොකක් හරි ගෙනාවාම කොහොමද තහනම් වෙන්නේ?
ඇයි දැන් තහනම අයින් කලා නේද? පොඩි මනුස්සයෙක් ගෙනාවොත් තමයි හැමෝටම ගැටලුවක් වෙන්නේ නේද?
රේගු ලොක්කා කියන්නේ කව්ද?
I would like to know which items are prohibited to bring so we will not bring anything to get criminal action .we worked hard to earn money .we will not get commission like our politicians and Authorities .so they tell us to send the dollars but we are not allowed to buy and bring something we would like to give to the family members. We are not bringing drugs to the country like some business people
Declare and published the list of bannded items otherwise how we know it.
මෙය අදාළ වෙන්නේ මෙරටට භාණ්ඩ ආනයනය කරන අයට සහ කෙටිකාලීන විදෙස් ගමන් වල යෙදෙන අයට විය හැක. විදෙස් ශ්‍රමිකයන්ට මෙය අදාල විය නොහැක. පණිවිඩය සමාජගතවු ආකාරය නිවැරදිව සිදුවී නොමැත
මෙම ප්‍රකාශය ශ්‍රී ලංකාවට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ට විශාල ව්‍යාකූලත්වයක් ඇති කරයි. . අපි විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් වන අතර වසරකට වරක් අපගේ පවුල් වෙත පැමිණෙන්නෙමු. ශ්‍රී ලංකා රේගු වෙබ් අඩවියට අනුව මීට කලකට පෙර ප්‍රකාශයට පත් කරන ලද තහනම් භාණ්ඩ ලැයිස්තුවක් තිබේ. ශ්‍රී ලංකා රේගුව විසින් ගුවන් තොටුපළේ අනවශ්‍ය අපහසුතාවයන් වළක්වා ගැනීම සඳහා මාධ්‍ය හරහා තහනම් සහ සීමා කරන ලද අයිතමවල යාවත්කාලීන ලැයිස්තුව ප්‍රකාශයට පත් කළ යුතු බව මම තරයේ විශ්වාස කරමි.
තහනම් භාණ්ඩ කියා දසනීති දැමීම සුදුසු නැහැ. පිටරට සිට රැකියා කර එනවිට චීස් කෑලි කිහිපයක්, චොකලට් ටිකක්, වයින් හෝ විස්කි බෝතල් 2 ක් ගෙනඒම සාමාන්‍ය සිරිතක්.. ඒ නිසා කොපමණ ප්‍රමාණයක් ගෙන ආ හැකියිද කියලා පැහැදිලි කරන්න... මහා පරිමාණයෙන් ගේන අය අල්ලාගන්න පගාව නොගෙන...
මේ වගේ වැඩ කරන්න එපා... විදේශ ශ්‍රමිකයින් ඩොලර් එවන්නේ ලංකාවට ඒවා හොඳයිද? ලංකාවේ රේගුව තමයි හොර වැඩ කරන්නේ... රේගුවේ වැඩ කරන අයගේ ගෙවල් දොරවල් මන්දිර වගේ.. ඒ අය විගණනය කරන්නකෝ බලන්න..!
ඔබලාට අපි ඩොලර් එවනකොට හොඳයි, ඔයිට වැඩිය හොරකම් කරලා රටින් පැනලා ගිහිල්ලා ඉන්නවා... ඔවුන් ගැන හොයන්නකෝ...!
තහනම් කරපුවා ලිස්ට් එකක් දාපියව් එතකොට මිනිස්සු ඒක බලල අනිත් අයට කියයි. ඒක නොකර මිනිස්සු අමාරුවේ දානවා. තහනම් කියලා අහිංසක මිනිස්සු ගෙන ඇපල් ගෙඩියටත් කෙලින රේගුවක් තියෙන්න.
හොඳ දෙයක් ආදර්ශයේන් පෙරමුණ ගැනීම නේද හොඳ, පලමුව උත්තරීතර ආයතනයේ සිට සරලව පහතට ගමන් කරමු. අපි නිතර දකින දිනකම ඔය නීතිය ක්‍රියාත්මක වන කරන අය එහෙම කරනවා නම් අද මේ රටේ ජනතාවට සියලුම දෙනා රජ වරු කුඩා හොරු ඇතුලේ තල් ගස් එලියට කාට කියන්නද හොඳ කොටුවේ චිවර ධාරියාට දක්වමු.
සාමාන්‍ය මිනිස්සුන්ගේ බඩ වියත හුරාගෙන කන ගමන් අවුරුදු ගානක් පිටරටක කඹුරලා ගේන ඩොලර් හොඳයි ,උන් තමන්ගේ පවුලේ මිනිස්සුන්ට ගේන ටොපි,චොකලට්,කිරි පිටි එකක්,චීස් කෑල්ලත් හුරගෙන කන්න බලන් ඉන්න උන්ට හෙණ ගහනවා බලන් ඉන්නකොට...
ඔය රටේ නීතිය තියෙන්නෙ පොඩි එකාට පමනයි.ඔක කවදාවත් හැදෙන රටක් නෙවේ.කුඩු ගේන එකා නිදැල්ලෙ .රට ඉදල බෝතලයක් ගෙනාවොත් තමා වැඩෙ. කිසිමදාක ඩොලර් එවන්න හොද නැහැ.
කුමන භාණ්ඩද යන්න ලැයිස්තුවක් තිබෙනවානම් ජනතාවට පහසුවෙයි.
මේක මහා අපබ්‍රන්සයක්....කවෘත් හොරකම් කරලා තියෙන්නෙ කාටවත් නීති දාන්නෙ...එකෙක්වත් හොරාකාපුවා මහා දනයක් උපයාගත් විදිය හොයන්න කියන්නෙ නෑ. ඒක හොයන්න කියන්න එකෙක් නැත්තෙ මොකද කියලත් හොයන්න ඕනා. රට විරුවන්ට ගරහපු නරි දේසපාලුවෝ දැන් කිබුල් කදුලු හලනවා උන්ට තවත් සැප විදින්න, හොරාකන්න $ නැති නිසා. මේකෙ ඉන්න හොරු 226 ම අයින් වෙනතුරු $ එවලා වැඩක් නෑ. උන් හොරාකාගෙන අපිට
What are the prohibited/ restricted goods ? Please let me know the list Thank you!
We are earning dollars working hard. someone can tell me why We can't take what We like.
දැන් ඒ භාන්ඩ මොනවද කියලා කියන්න තහනම් භාන්ඩ කියනවා මෙලෝ දෙයක් අපි දන්නෑ ගේන්න ඕන භාන්ඩ කොච්චර ප්‍රමාණයක්ද තහනම් භාන්ඩ මොනවද කියලා තේරුම් ඇතිව කියන්න.
VIP අයට නම් තහනම් කරන්න එපා.මොකද ඒ අය ගෙන්නෙ නීත්‍යොනුකූල දෙවල් විතරමයිනෙ....නේද?
තහනම් බඩු මොනවාද කියලා ලිට්ස් එකක් දාන්න
ආනයනය තහනම් කිරීමේ සහ සීමා කිරීමේ පදනම ඩොලර් හිඟයනම්, ලංකාවේ ඩොලර් භාවිතයෙන් තොරව රට තුළට එම භාණ්ඩ ගෙන ඒමේ වරදක් තිබේද? මෙය නැවත සලකා බැලිය යුතුයි.
මොනවද බඩු ???
May i know what are the restricted iltems
ඔච්චර තමයි විදෙස් ශ්‍රමිකයන්ට අපේ රටේ පාලකයෝත් නිලධාරීනුත් කරන්නේ. ඔහොමවත් කොයිකවුරු කාලා ඇඳලා ඉන්න විදෙස්ගත අපි එවන එකෙන් බව කාපු පතේ පහරන්න පිරිස් දන්නේ නැහැ. හැමෝම දන්නෙ විදෙස් ශ්‍රමිකයන්ට වරද්දන්න තමයි. මේවා දකිද්දී අපිටත් හිතෙනවා උන්ඩියල් දාලා හැමෝටම වරදිනකම් බලන් ඉන්න. හදවත් නැති පාලකයෝ සහ නිලධාරිවරු
වාර්තාව පැහැදිලි ලෙස විස්තර කළ යුතුයි. වාණිජ පදනමක් යටතේ ගෙන්වන භාණ්ඩ ලෙස. රේගුවද විස්තර කළ යුතුයි මොන භාණ්ඩද තහනම් සහ රැගෙන ආ හැකි භාණ්ඩ ප්‍රමාණය.