
ඇෆ්ගනිස්ථානයේ දකුණු දිග හැමන්ඩ් පළාතේ තුවාල ලැබූ සොල්දාදුවන් ඉවත් කිරීමේ යෙදි සිටි හෙලිකොප්ටර් යානා දෙකක් එකිනෙක ගැටීමෙන් 09 දෙනකු මියගොස් තිබේ.
තාක්ෂණික දෝශයක් හේතුවෙන් අනතුර සිදුවී ඇතැයි බලධාරීහු පවසති. නවා දිස්ත්‍රික්කයේදී අද (14) අලුයම මෙම අනතුර සිදුවී ඇත.
තලේබාන් සටන්කාමීන්ට එරෙහිව ඇමරිකානු ගුවන් හමුදාවේ සහායද සහිතව ඇෆ්ගන් හමුදා මෙම ප්‍රදේශයේ සටන් මෙහෙයවයි. පසුගිය දිනවල දෙපාර්ශවය අතර දරුණු සටන් ඇවිලුන බව වාර්තා විය.
හැමන්ඩ් පළාතේ එක් දිස්ත්‍රික්කයක පාලනය කැරළිකරුවන් විසින් අත්පත්කරගෙන ඇති අතර මේවනවිට ඔවුන් ලක්ෂර් ගා නගරයට නුදුරින් සටන් මෙහෙයවමින් සිටින බව සඳහන් වේ.
ගැටුම් හේතුවෙන් ඇෆ්ගනිස්ථානයේ 35,000කට අධික පිරිසකට තම නිවෙස් වලින් පලායෑමට සිදුවී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
බීබීසී ඇසුරිනි
085
2025 නොවැම්බර් මස 04
713
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2383
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1748
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තුවාලකරුවන් ගෙනගිය යානා දෙකක් ගැටී 09ක් මරුට