IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


තවත් වෙඩික්කරුවකු වෙඩි කා නසී

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

රාගම පොල්පිතිමූකලානේ ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයකුගේ නිවසට ඉකුත් පස්වැනි වෙඩි ප්‍රහාරයක් එල්ල කළ  බව කියන වෙඩික්කරුවකු  අත්අඩංගුවට ගැනීමට අද අලුයම් කාලයේ පොලිසිය ගිය අවස්ථාවේ පොලිසිය සමග ඇති වූ වෙඩි හුවමාරුවකදී සැකකරු මියගොස් ඇතැයි පොලිසිය කියයි.

සැකකාර රාමායියා ජෙයරාජ් නැමැත්තා සපුගස්කන්ද ගෝනවිල ප්‍රදේශයේ නිවෙසක සැඟව සිටින බවට පොලිසිය ලද තොරතුරකට අනුව පොලිසිය එම නිවස වටලා ඇත. ඒ අවස්ථාවේ සැකකරු පොලිසිය වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති අතර එහිදී පොලිසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් පසු තුවාල ලබා කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි පොලිසිය කියයි. 

වෙඩි කා මියගිය සැකකාර පුද්ගලයාගේ සිරුර කිරිබත්ගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

 



අදහස් (7)

තවත් වෙඩික්කරුවකු වෙඩි කා නසී

බක්මීගොල්ල Monday, 16 October 2023 08:12 AM

අවි ගත්තෝ අවියෙන් නසී " කීවේ නිකං නොවේ.

:       3       18

Bamunuarachchi Monday, 16 October 2023 08:13 AM

මේක තමයි ක්‍රමය වෙන්න ඕනේ. ත්‍රස්තයාට ඌට තේරෙන බාෂාවෙන් කථා කරනවා වගේ පාතාල යින්ට උන්ගේ ක්‍රමයෙන්ම උත්තර දෙන්න ඕනේ. මාධ්‍ය කාරයින්ට සිද්ද උනේ මොකක්ද කියා දැනගන්න ඉඩ තියන්න එපා. ඔඋන් මිනිස් අයිතිවාසිකම් ගැන කථා කරන්න පටන්ගන්නවා

:       6       40

ධනුෂ්ක Monday, 16 October 2023 12:51 PM

ඕකුන්ට සමාජයේ ස්වාදීන පැවැත්මක්. ඕකුන නඩත්තු කරන අයට දෙන දඬුවම මොකද්ද

:       1       14

Bunny Preena Monday, 16 October 2023 11:14 AM

පාතාලයින්ගේ අයිතිවාසිකම් ගැන කතා කරන එකාලා..., පාතාලයින් නිසා පීඩා විඳින අහිංසක මිනිස්සුන්ගේ අයිතිවාසිකම් ගැන කතා කරන්නේ නැහැ.

:       2       32

Rata PerataMonday, 16 October 2023 12:10 PM

ඒ වගේම පාතාලය පෝෂණය කරන උන් ගැන කතා කරන්න එකෙක් ට කොන්දක් නෑ .අමැති කුඩු ගෙනාවා .ඒවා බෙදන්න කොල්ලෝ ගන්නවා .උන්ගේ ආරක්ෂාවට අවි දෙනවා.ඌ පාතාලය කියා මරලා දානවා .ජනතාව හුරේ දානවා

:       6       17

Hemantha Monday, 16 October 2023 11:35 AM

නියමයි ,විය යුතු සිදුවෙමින් පැවතේ

:       4       26

CK.Lankaputhra Monday, 16 October 2023 04:49 PM

රටක් පොලිසියක් මේ විදිහේ පාතාලය මර්දනය කිරීමේ ක්‍රියාමාර්ගයක් අනුගමනය කරනවා නම් හෝ රටක නීතිය එම ක්‍රියා මාර්ග අනුමත කරනවා නම් හෝ ජනතාවගෙන් කොටසක් හෝ ඒවා අනුමත කරනවා කියන්නේ අවනීතියට ඉඩහැරීමත් රටේ ක්‍රමයයි කියන එකයි. තවත් වචනයකින් කියනවා නම් පොලිසියට සැකකරුවන් අත්අඩංගුවට ගැනීම හා නඩු ඇසීම දඩුවම් නියම කිරීම හා දඩුවම ක්‍රියත්මක කිරීමේ බලය පොලිසිය සතු බව හා අවස්ථානුකූලව එය ක්‍රියාත්මක කිරීමේ අයිතිය පොලිසිය සතු බවයි. එය ගමේ අප්පුහාමිලාට හා කමලාවතීලාට මේක නොතේරුණාට රටේ බුද්මධිතුන්ට මේක නීතිය ක්‍රියාත්මක කිරීමේ පැහැදිලි විකුර්තියක් බව මනාසේ වැටහේ. මෙවැනි ක්‍රියාමාර්ග තුලින් අපරාධ මර්දනය කළහැකි යයි යමෙකු සිතනවා නම් එය ඒ තැනැත්තාගේ මන්දබුද්ධික භාවයකි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 664 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17747 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 744 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site