
යුක්රේනයේ කාර්කීව් නුවර පැවැති සටන්වලදී රුසියන් ජනරාල්වරයකු ඝාතනය කිරීමට හැකිවුණු බව යුක්රේන හමුදාව සමත් විය.
ඝාතනයට ලක්වූයේ මේජර් ජෙනරාල් විටාලි ජෙරසිමෝව්ය. මොහු රුසියානු හමුදාවේ 41 වැනි සේනාංකයේ අණ දෙන නිලධාරියා යැයි පැවැසෙයි.
ඒ අනුව, යුක්රේන හමුදා අතින් ඝාතනයට ලක්වුණු දෙවැනි රුසියන් ජනරාල්වරයා වන්නේ මොහුය. මීට පෙර ඝාතනයට ලක් වූයේ ජනරාල් ඇන්ද්‍රෙයි සුකොවෙට්සීය. ඒ පසුගිය පෙබරවාරි 27 වැනිදාය.
යුක්රේන හමුදාවට අනුව මේ වනවිට ඔවුන් රුසියන් සොල්දාදුවන් 11,000 ක් ඝාතනය කර ඇතැයි පැවැසෙයි. රුසියාව පවසා ඇත්තේ යුක්රේනයේ දී මියගිය ඔවුන්ගේ සොල්දාදුවන් ගණන 500 ක් පමණක් බවය.
(රොයිටර්)
යුක්රේන-රුසියා අර්බුදය:- වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd