(සුජිත් හේවාජුලිගේ )
පාර්ලිමේන්තු ගෘහ පාලන අංශයේ ඇතැම් තරුණ රූමත් සේවිකාවන්ට ලිංගික හිංසන සහ අඩන්තේට්ටම් සිදුකරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය විසින් එහි සහකාර ගෘහ පාලකවරයාගේ වැඩ අද (11) තහනම් කරනු ලැබීය.
එම සිද්ධිය සම්බන්ධයෙන් සේවිකාවන් මෙතෙක් ඉදිරිපත් කර ඇති තොරතුරු සැලකිල්ලට ගෙන ඔහු මෙසේ වැඩ තහනමට ලක් කළ බව පාර්ලිමේන්තුවේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
පාර්ලිමේන්තුවේ ගෘහ පාලන අංශයේ ඇතැම් තරුණ රූමත් සේවිකාවන්ට ලිංගික හිංසන සහ අඩන්තේට්ටම් සිදු කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වීමෙන් පසු පාර්ලිමේන්තු මහලේකම්වරිය විසින් මේ සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට ත්‍රිපුද්ගල කමිටුවක් පසුගියදා පත්කරනු ලැබීය.
මෙම කමිටුව පත් කිරීමෙන් පසු සේවිකාවෝ පිරිසක් එම කමිටුව හමුවේ ස්වේච්ඡාවෙන් පෙනී සිට තමන්ට සිදුවී ඇති හිංසන සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය කළහ. සහකාර ගෘහ පාලක වරයාගේ වැඩ තහනම් කරනු ලැබ ඇත්තේ එම සේවිකාවන් ලබාදී ඇති තොරතුරු සැලකිල්ලට ගෙනය.
සේවිකාවන් එම හිංසන සිද්ධීන් සම්බන්ධයෙන් තවත් නිලධාරීන් කිහිප දෙනකු ගැනද තොරතුරු අනාවරණය කර ඇති අතර ඔවුන් සම්බන්ධයෙන්ද ඉදිරියේදී ක්‍රියාමාර්ග ගැනෙනු ඇතැයි වාර්තාවේ.
මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි දීම වැළැක්වීමට නිලධාරීන් සහ සේවකයන් පිරිසක් එම සේවිකාවන්ට විවිධාකාරයෙන් තර්ජන එල්ල කිරීමේ සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන්ද පාලිමේන්තු ප්‍රධානීන්ට තොරතුරු අනාවරණයවී ඇත. ඒ සම්බන්ධයෙන්ද කරුණු සොයා බලමින් සිටින බව පාර්ලිමේන්තු ප්‍රධානීහු පැවසූහ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයද වෙනම විමර්ශනයක් පවත්වයි. එම සංසදයේ සාමාජිකා මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය සේවිකාවන් කිහිපදෙනෙකුගෙන් දැනටමත් ප්‍රකාශ ලබාගෙන ඇත.
විරුද්ධ දේශපාලන පක්ෂයක දකුණු පළාතේ ප්‍රධාන නගරයක පැවැත්වූ මැයි දින රැලියකට රක්වාන මැතිවරණ කොට්ඨාසයෙන් සහභාගී වූ පාක්ෂිකයන්ට උදේ ආහාරයට ලබාගත් පාන්
කුලියාපිටියේ පෙම්වතියගේ නිවෙසට ගිය සුසිත් ජයවංශ නැමැති තිස් හැවිරිදි තරුණයා පැහැරගෙන අතුරුදන් කිරීමට යොදාගත් බවට සැලකෙන වෑන් රථය මාතලේ, විල්ගමුව සත
හංවැල්ල ජල්තර රාජ්‍ය සේවක නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි තම බිරිය ඝාතනය සදහා අත් බෝම්බයක් රැගෙන පැමිණි සැමියා බව කියන පුද්ගලයකු කුඩා දරුවන් දෙදෙනකු ප්
බ්‍රිතාන්‍ය රංගන ශිල්පී බර්නාඩ් හිල් අද (5) අභාවප්‍රාප්ත විය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහු 79 වියෙහි පසුවුණු බවය.
තරුණයන් දෙදෙනකු පැද වූ යතුරුපැදි දෙකක් අද (5) අලුයම මිරිහාන නව රෝහල මාර්ගයේ කිඹුලාවල ප්‍රදේශයේදී මුහුණට මුහුණ ගැටී සිදු වූ අනතුරින් දෙදෙනාම මියගොස් ඇත
චීනයේ විශාලතම මෝටර් රථ ප්‍රදර්ශනය වන බෙයිජිං මෝටර් රථ ප්‍රදර්ශනය පසුගිය 25 වෙනිදා සිට ඊයේ (04) වැනිදා දක්වා බෙයිජිං නුවරදී පැවැත්විණි.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
තරුණියන්ට හිරිහැර කළැයි මැතිසබේ සහකාර ගෘහ පාලකගේ වැඩ තහනම්
විපරමා Saturday, 12 August 2023 01:25 AM
පාර්ලිමේන්තුවේත් ඉන්නවා කෙල්ලෝ දැක්කාම ඇවිස්සෙන අය...
chandima Saturday, 12 August 2023 02:27 AM
ඉස්සර එකකාලෙක ඕවාට මන්ත්‍රී ගොල්ලෝ අහුවෙන කාලයකුත් තිබුණා. ඒ කාලයේ තරුණපහේ අලුත් මන්ත්‍රීවරු පත්වෙලා ඇවිත් නවතින්නේ ශ්‍රාවස්ථියේ... දැන් ඉන්නේ දිගටම අත් උස්සන්න කැමැති පප්පලානේ... ඒගොල්ලන්ට හැරමිටිය ඇරෙන්න වෙන මුකුත්ම අහුවෙන්නේ නැහැ.
බී අමරසිංහ Saturday, 12 August 2023 05:58 AM
මන්ත්‍රීලා කොහොමද දන්නේ නෑ. ඒ ගොල්ලෝ නම් බෝ පැලනේ...
Nimal Saturday, 12 August 2023 07:16 AM
මේ අයගේ නම් ගම් හෙළි කරන්න.