(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ දෙවනවර කියවීමේ විවාදය ලබන 22 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (16) තීරණය කළේය.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (16) පෙරවරුවේ රැස්විය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය එදින උදේ 11 සිට පස්වරු 4:30 දක්වා පැවැත්වීමට නියමිතය.
මේ අතර ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ පළ කෙරුණු 2251/48, 2262/50 සහ 2266/5 යන අංක දරන ගැසට්පත්‍ර මගින් පනවන ලද රෙගුලාසි ලබන 23 වැනිදා උදේ 11 සිට පස්වරු 4:30 දක්වා විවාදයට ගන්නා බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත මාර්තු 24 වැනිදා පෙ.ව 11.00 සිට ප.ව 4.30 දක්වා විවාදයට ගැනීමට නියමිතය.
තවද ආදායම් මතවූ බදු සම්බන්ධයෙන් ද්විත්ව බදුකරණය සහ බදු නොගෙවා මගහැරීම වැළැක්වීම සදහා මෙරට ආණ්ඩුව සහ තුර්කි ජනරජයේ ආණ්ඩුව අතර 2022 ජනවාරි 28 දින ඇති කරගන්නා ලද ගිවිසුමද එදින අනුමත කරගැනීමට නියමිතය.
පාර්ලිමේන්තුවේ 25 වැනිදා හැර අන් සෑම දිනකම පෙ.ව 10.00- පෙ.ව 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර ඇත. මාර්තු 25 වැනිදා හැර අනෙක් දිනවල ප.ව 4.30 සිට ප.ව 4.50 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා කාලය වෙන්කර ඇති අතර ප.ව 4.50 සිට 5.30 දක්වා පිළිවෙලින් ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය ඉදිරිපත් කරන යෝජනා අනුව සභාව කල් තබන අවස්ථාවේ විවාද පැවැත්වීමටද තීරණය විය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ලබන 22 වැනිදා විවාදයට