(මනෝජ් හර්ෂික)
කෙටිකලක් තුළ ත්‍රස්තවාදී තර්ජන බිදහෙළිමට කැප වූ ත්‍රිවිධ හමුදාව හා පොලිස් සේවාවන්, බුද්ධි අංශ ඇතුළු සමස්ත නිලධාරීනට ගෞරව ප්‍රණාමය පුද කරන බව කතානායක කරු ජයසුරිය මහතා පවසයි.
එමෙන්ම විපතට පත් වූවන් වෙනුවෙන් පූර්ණ ලෙස කැපවෙමින් අතිවිශිෂ්ඨ සේවාවක් ඉටුකළ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවයට ද සිය ස්තුතියි පුද කරන බව ද ජයසුරිය මහතා කියයි.
පාස්කු ඉරුදින ප්‍රහාරයේ කම්පනය පහව යමින් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවාවන් සුපුරුදු මට්ටමට ලඟා වෙමින් පැවැතියත් අද (06) පාසල් ළමුන්ගේ පැමිණීමේ සැළකිය යුතු අඩුවක් දක්නට ලැබෙන බවත් එයට හේතුව බොහෝ දුරට ජනතාව තුළ ඇති අනියත බිය ජනක තත්ත්වය බවද ඒ මහතා සඳහන් කරයි.
මෙම තත්ත්වය යටතේ ආරක්ෂක අංශ කෙරෙහි පූර්ණ විශ්වාසය තබමින් එදිනෙදා කටයුතු යථාපරිදි ඉටු කිරීම රටේ ආර්ථිකයට, සුරක්ෂිතභාවයට මෙන්ම සිසු දරුවන්ගේ අධ්‍යාපනයටද, අතිශයින් වැදගත් බවත් ජයසුරිය මහතා පෙන්වා දෙයි.
සමාජය කළඹවන සුළු කටකතා සහ වෙනත් අසත්‍ය ප්‍රචාර යටපත්කොට සත්‍ය දැනගැනීම සඳහා ආරක්ෂක ලේකම්වරයා ඇතුළු අනෙකුත් ආරක්ෂක අංශ ප්‍රධානීන් විසින් සෘජුවම වගකීම දරන තොරතුරු අනාවරණයක් නිතිපතාම සිදුකළ යුතු බවද ඒ මහතා කියයි.
ගෙවුණු සති දෙක තුළ සෑම ආගමකම පූජ්‍ය පක්ෂයකම ,අගරදගුරුතුමන් ප්‍රධාන කතෝලික ආගමික නායකයන් ආත්ම සංගමයෙන් හා වගකීමෙන් යුක්තව කටයුතු කළ ආකාරය ආදර්ශයට ගනිමින් පටු වාදභේද පසෙකලා මාතෘභූමිය වෙනුවෙන් පොදු ජාතික න්‍යායපත්‍රයක පිහිටා කටයුතු කරන ලෙස සියලු දේශපාලන නායකයන්ගෙන් ඉල්ලා සිටින බව ජයසූරිය මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ත්‍රිවිධ හමුදාවට - පොලිසියට ගෞරවය පුදකරනවා