
(හැටන් රංජිත් රාජපක්ෂ )
ආගරපතන සිට නුවරඑළිය දක්වා අධික වේගයෙන් ධාවනය වු ත්‍රිරෝද රථයක් අනතුරට පත් විමෙන් මෙම ත්‍රිරෝද රථයේ ගමන් ගත් සිව්දෙනෙක් බරපතල ලෙස තුවාල ලබා නුවරඑලිය මහ රෝහලට ඇතුළු කළ බව නානුඔය පොලිසිය පැවසිය.
අද (02) උදැසන මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ නානුඔය වෙන්ඩිකෝනර් හුලං වංගුව ප්‍රදේශයේදිය.
අධික වේගයෙන් ධාවනය වි ඇති ත්‍රිරෝද රථයේ ඉදිරිපස රෝදය ගැලවි ගොස් ත්‍රිරෝද රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදු වි ඇත.
මේ අතර යාපනය සිට නුවරඑලිය හරහා හැටන් දක්වා නිරෝධායනට ලක් වු රොගියෙකු රැගෙය ධාවනය වු යුධ හමුදා බස් රථයක් හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ නානුඔය කාර්ල්බේග් වත්ත ප්‍රදේශයේදි මාර්ගයේ කන්දක ගැටි අනතුරක් සිදු වි ඇත. මෙම අනතුර සිදු වි ඇත්තේ නානුඔය රදැල්ල කෙටි මාර්ගයේ කාර්ල්බේග් වත්ත ප්‍රදේශයේදිය.
අධික බැවුම් සහිත ප්‍රදේශයේදි බස් රථය ධාවනය වන අවස්තාවේ හදිසියේ බස් රථයේ ඇති වු කාර්මික දෝෂයක් හේතුවෙන් බස් රථය රියදුරුගේ පාලනයෙන් මිදි බස් රථය ප්‍රධාන මාර්ගය අභියස කන්දක ගැටි අනතුර සිදු වි ඇත. අනතුරෙන් බස් රථයේ ගමන් ගත් යුද හමුදා නිලධාරින්ට හෝ නිරෝධානයට ලක් වු පුද්ගලයාට අනතුර සිදු වි නොමැත.
අනතුරෙන් බස් රථයට දැඩි ලෙස අලාභ හානි සිදු වි ඇති බවයි අනතුර පිළිබඳව පරික්ෂණ පවත්වන නානුඔය පොලිසිය කියා සිටියේ.

2025 නොවැම්බර් මස 04
712
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2380
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1746
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ත්‍රිරෝද රථ අනතුරින් සිව් දෙනකු රෝහලේ