IMG-LOGO

2025 ඔක්තෝබර් මස 26 වන ඉරිදා


තීරුබදුවලට ට්‍රම්ප්ගෙන් විරාමයක්

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඔහු විසින් ශ්‍රී ලංකාව ද ඇතුළු රටවල් රැසකට ප්‍රකාශයට පත් කළ තීරු බදු පැනවීම, දින 90 ක කාලයක් සඳහා අත්හිටුවා ඇත.

කෙසේ නමුත්, චීනයට එරෙහි පැනවූ තීරු බද්ද සියයට 125 ක් දක්වා ඉහළ නැංවීමට කටයුතු කළේය. ඒ, චීනය ඇමෙරිකාවට එකට එක කිරීමක් ලෙස පැනවූ තීරු බදු සැලකිල්ලට ගනිමිනි.

ඇමෙරිකාව යළි ශ්‍රේෂ්ඨත්වයට පත් කරමින්, ඇමෙරිකාව පොහොසත් කිරීමේ අරමුණින්, ට්‍රම්ප් දුන් මැතිවරණ පොරෙන්දුවට අනුව, බදු පැනවීමට තීරණය කෙරුණු අතර, බදු පැනවීම් සිදු කරන බව නිවේදනය කළ සැණින්, ලෝකයේ සියලුම රටවල පාහේ කොටස් වෙළෙඳපොලවල් කඩා වැටීමට ලක්විය. ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල පවා ශීඝ්‍රයෙන් පහළ ගියේය.

දැවැන්ත තීරු බදු පැනවීම හමුවේ ලොව බොහෝ රටවල් එම බදු ප්‍රතිශත සම්බන්ධයෙන් යළි සලකා බලන මෙන්, ට්‍රම්ප් පාලනයෙන් ඉල්ලා සිටි අතර, ශ්‍රී ලංකා රජය ද ඒ සම්බන්ධයෙන් ඉල්ලීමක් කළේය.

නව තීරු බදු මෙසේ දින 90 කට අත්හිටුවීම සිදුවුවත්, මූලිකව පැනැවූ සියයට 10 ක තිරු බදු එලෙසින්ම ක්‍රියාත්මක වන බව ද පැවැසෙයි.

(ඒ.එෆ්.පී.)



අදහස් (2)

තීරුබදුවලට ට්‍රම්ප්ගෙන් විරාමයක්

කව්ද බෝයි Thursday, 10 April 2025 09:53 AM

අන්න දැන් මෙතැන වැලලිච්ච කට්ටියටත් දින 90ක විරාමයක්.

:       1       7

වින්සන්ට් කජ්ජා Thursday, 10 April 2025 11:04 AM

කොහොමද අපේ දුරදක්නා අත්දැකීම් සහිත සීය කජු කකා හිටියට වැඩ. එයා කතාකරන්න හිතුව විතරයි ට්‍රම්ප් බයවුනා.

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1431 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1300 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 469 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site