(නිමල කොඩිතුවක්කු)
කොල්ලූපිටිය වාලූකාරාමය ඇතුළු පංචමහා විහාරාධිපති මහරගම නන්ද හිමිගේ සහ උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ ශිෂ්‍ය භික්ෂු නමක් වන උපසම්පදා අපේක්ෂක මහරගම දේවානන්ද හිමියන්ගේ උපසම්පදා උත්සවය නිමිත්තෙන් තායිලන්තයෙන් ගෙන්වන ලද විශේෂ ඔටුන්නක් ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපතිනි චූලමනී චාට්සුවාන් මහත්මිය ඇතුළු එරට දායක පිරිසක් විසින් පරිත්‍යාග කරනු ලැබීය.
මහා සංඝරත්නයේ සෙත් පිරිස් සජ්ජායනා මධ්‍යයේ කොල්ලූපිටිය වාලූකාරාමයේ ධාතු මන්දිරයේ දී මෙම විශේෂ ඔටුන්න ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපතිනි චූලමනී චාට්සුවාන් මහත්මිය විසින් මහරගම දේවානන්ද හිමියන් වෙත අද (28) පිළිගන්වනු ලැබීය.
කොල්ලූපිටිය වාලූකාරාමය ඇතුළු පංචමහා විහාරාධිපති මහරගම නන්ද හිමි, කොල්ලූපිටිය වාලූකාරාමයේ විහාරාධිකාරී උඩවෙල කෝලිත හිමි ඇතුළු භික්ෂුන් වහන්සේ මෙම අවස්ථාව සඳහා වැඩම කර සිටියහ.
ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
තායි තානාපතිනියගෙන් දේවානන්ද හිමිට විශේෂ ඔටුන්නක්
Siri Friday, 28 June 2019 05:32 PM
ඔන්න ඉතින් තායි තානාපතිත් හාමුදුරුවරුන් නරක් කරන්නයි හදන්නේ.
Chanak los angeles Friday, 28 June 2019 09:39 PM
හාමුදුරුවනේ, ඕවා විනය විරෝධී වැඩ නේද?
Saman Sunday, 30 June 2019 03:57 AM
අයියෝ, අපේ කට්ටියට ඔච්චරයි අඩුවට තිබ්බේ... දැන් ඉතින් කුළඟන සමිතිවලින් තරඟෙට ඔටුණු හදලා දෙයි..