(ටී.කේ.ජී.කපිල)
ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර සිදු කෙරෙන සත්ව හුවමාරු වැඩසටහනක් යටතේ " ද්විත්ව කරමල් කැසොවරි " ( Double Wattled Cassowary ) කුරුල්ලන් තිදෙනකු තායිලන්තයේ සිට දෙහිවල සත්වෝද්‍යානය සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි .
මාස 09 ක් පමණ වයසැති පිරිමි කැසොවරි කුරුල්ලන් දෙදෙනකු සහ එක් කැසොවරි කිරිල්ලියක මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි .
උස අඩි 05 ක් පමණ වැඩෙන , කිලෝ ග්‍රෑම් 60 ක් පමණ බරක් දක්වා වර්ධනය වන මෙම කැසොවරි කුරුල්ලන් ලෝකයේ නපුරුම කුරුල්ලන් ඝනයට අයත් වන ලෝකයේ දෙවන විශාලතම පක්ෂීන් කාණ්ඩයට අයත් වේ . ඉතාම වර්ණවත් මෙම කුරුල්ලන්ට අහසේ පියාඹිය නොහැකි වීම විශේෂත්වයකි .
මෙම සත්ව හුවමාරු වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවෙන් මීමින්නන් , කළු වදුරන් , රිළව් , වළිකුකුළන් සහ තවත් සර්ප විශේෂ කීපයක්ම යැවීමට සූදානම් කර තිබේ .
මෙසේ තායිලන්තයේ සිට ගුවන් මගින් පැමිණ තිබූ කැසොවරි කුරුල්ලන් භාර ගැනීම සදහා දෙහිවල සත්වෝද්‍යානයේ පශු වෛද්‍ය ධම්මිකා දසනායක මහත්මිය , සත්ව පාළක අශෝක ජයලත් සහ සත්ව භාරකරු අසංක ප්‍රනාන්දු යන මහත්වරුන් කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ ගම්මානය වෙත පැමිණ සිටියහ .
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
තායිලන්තයෙන් ශ්‍රී ලංකාවට කුරුල්ලන් තිදෙනක්
Saman Thursday, 06 July 2023 10:15 AM
තව ලැජ්ජා නෑ
Weerasumana Thursday, 06 July 2023 10:28 AM
උන්ගේ කරුමේ
sena Thursday, 06 July 2023 10:38 AM
මොකෙක් හරි ඔය කුරුල්ලෝ බයිට් එකට නොගත්තොත් පුදුමයි
C.K.Lankaputhra Thursday, 06 July 2023 10:55 AM
අනේ පන්සල්වලට නම් දෙන්න එපා.
අමිල Thursday, 06 July 2023 11:37 AM
අවුලක් නෑ ත්‍රීවීලර් එකක හරි අරන් යන්න පුළුවන්..
SUNIL MILANO Thursday, 06 July 2023 12:49 PM
අපේ සිංහල ජාතිය සෑම දෙයක් දිහාම වපර ඇසින් බැලීම මෞබිමේ පාපයකි
පැරකුම් Thursday, 06 July 2023 03:11 PM
ඔය ගමන්ම ආපහු ගෙනියන දවසත් කිව්වනම් නේද හොද…!