IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


තමන්ගෙ වැයික්කිය ගැන බලන්නැයි ජනපතිගෙන් මන්ත්‍රීන්ට නියෝග

(අංජුල මහික වීරරත්න)

ඉදිරි දින දෙක තුළ වර්ධනය වීමට නියමිත අධික වර්ෂාපතනය සමග දැඩි අවදානම් කාලගුණික තත්ත්වයක් මතු වී ඇති බැවින් ජීවිත හානි වළක්වා ගැනීම සහ ආපදාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා කඩිනමින් මැදිහත් වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආපදාවට සහ අවදානමට ලක්වූ දිස්ත්‍රික්කවල මහජන නියෝජිතයන්ට උපදෙස් දුන්නේය.

ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ අයහපත් කාලගුණය හේතුවෙන් රටේ උද්ගතව ඇති හදිසි ආපදා තත්ත්වය සහ සහන සේවා පිළිබඳව විමසා බැලිම වෙනුවෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේ අද(27)පැවති විශේෂ සාකච්ඡාවට එක් වෙමිනි.

තම දිස්ත්‍රික්කවලට ගොස් පීඩාවට පත් ජනතාව පිළිබඳ සොයා බලන ලෙස මෙහිදී මන්ත්‍රීවරුන්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සහ ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්කර ඒ ඒ දිස්ත්‍රික්කවල සහ ප්‍රදේශවල පවතින අවදානම් තත්ත්වය සහ ඉදිරියේදී සිදුවිය හැකි ආපදා තත්ත්වයන් හඳුනාගනිමින් ජනතාවට අවශ්‍ය ආරක්ෂාව සහ සහන සැලසීමට යුහුසුළුව මැදිහත්වන ලෙසද පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ට උපදෙස් දුන්නේය. 

 

එහිදී, මන්ත්‍රීවරුන්ට තම දිස්ත්‍රික්කවලට ගොස් එම ජනතාවට සහන සැලසීමට මැදිහත් වීමේදී අයවැය විවාද සහ පාර්ලිමේන්තු කටයුතු බාධාවක් බැවින් අද ප.ව 2.00 පැවැත්වීමට නියමිත පක්ෂ නායක රැස්වීමේදී මේ පිළිබඳ වැඩිදුරටත් සාකච්ඡා කිරීමට තීරණය විය. 

 

මෙහිදී ප්‍රධාන වශයෙන්ම ජනතාවගේ ආරක්ෂාව සහ මුදා ගැනීමේ කටයුතු පිළිබඳව සහ පීඩාවට පත් ජනතාවගේ සෞඛ්‍ය ඇතුළු සහන සේවා අඛණ්ඩව සැපයීම පිළිබඳ මෙහිදී  දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. එමෙන්ම උසස් පෙළ විභාගය පැවැත්වීම සහ අධ්‍යාපන කටයුතු ඉදිරියට පත්වාගෙන යාමේ ගැටලු පිළිබඳවද විශේෂ අවධානය යොමු කෙරිණි. 

 

විපතට පත් ජනතාවට සහන සැලසීමේදී සහන සේවා කඳවුරු වෙත පැමිණි ජනතාව, නිවාසවල සිරවී සිටින ජනතාව මෙන්ම ආපදා තත්ත්වය හේතුවෙන් ඥාතී නිවාසවල රැදී සිටින ජනතාව සඳහා පිසු ආහාර සහ වියළි සලාක අඛණ්ඩව ලබා දීමට මෙහිදී උපදෙස් දුන් ජනාධිපතිවරයා විනාශයට පත් නිවාස සහ වගා බිම් සඳහා වන්දි ලබාදීමේ ක්‍රමවේදයක් පිළිබඳවද අවධානය යොමු කළේය. 

 

එමෙන්ම වාරිමාර්ග පද්ධතිය සහ එහි සුරක්ෂිතභාවය මෙන්ම  නාය යාමේ අවදානම ඇති ප්‍රදේශවල මහා මාර්ග පද්ධතියේ ආරක්ෂාව පිළිබඳවද මෙහිදී විශේෂ අවධානය යොමු කෙරිණි.

 

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වෙතින් ලබා දෙන දත්ත සමග නිරන්තරයෙන් යාවත්කාලීන වෙමින් ආපදා තත්ත්ව වළක්වා ගැනීම සඳහා පූර්ව සැලසුම් සකස් කරන ලෙසත්,  අධික වැසි තත්ත්වය සමඟ වාරිමාර්ග පද්ධතිය කළමනාකරණය කර ගැනීම වෙනුවෙන් ඒ පිළිබඳ ඉතා සමීපව අධ්‍යයනය කරමින් කටයුතු කරන ලෙසත් ජනාධිපතිවරයා මෙහිදී මහවැලි සහ වාර්මාර්ග අධ්‍යක්ෂ ජනරාල්වරුන් වෙත වැඩිදුරටත් උපදෙස් දුන්නේය.

 

තම දිස්ත්‍රික්කවල මතුව ඇති හදිසි ආපදා තත්ත්වය පිළිබඳ මෙම රැස්වීමට එක්වූ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් අදහස් ඉදිරිපත් කරන ලද අතර ඒ මත පදනම් ඉහත තීන්දු තීරණවලට එළැඹෙන ලදී.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක යන මහත්වරු ඇතුළු ආපදාවට පත් දිස්ත්‍රික්ක නියෝජනය කරන පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුද, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න යන මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීහුද, ත්‍රිවිධ හමුදාපතිවරු ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීහු සහ  ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථාන යන ආයතන නියෝජනය කරමින් ප්‍රධානීහූ සහ නියෝජිතයෝ මීට එක්ව සිටියහ.

 

 

 



අදහස් (2)

තමන්ගෙ වැයික්කිය ගැන බලන්නැයි ජනපතිගෙන් මන්ත්‍රීන්ට නියෝග

මන්ත්‍රී Thursday, 27 November 2025 03:01 PM

පළාතේ මන්ත්‍රීලා කවුද කියල , මිනිස්සු අදුරන්නේ නැහැ , ඒක නිසා අපිට ගාර්ඩ් නැතිව සාමාන්‍ය මිනිස්සු වගේ ඕනේ තැනක යන්න පුළුවන් , කියපු සහ දැනට කියමින් සිටින විශාල පච ප්‍රමාණය නිසා මිනිස්සු ළඟදීම අපට හු කියනවා , ජනාධිපතිතුමා කියන ඒවා කරන්න ගියොත් අපිව නොට් වෙනවා ,අනාගතේ අපේ ජිවිතේ පවා අවදානමෙන් , ගර්ඩ් එක දෙනවා නම් අපි ඕව කරන්නම්

:       6       160

de silva Thursday, 27 November 2025 03:03 PM

අපි ගතානු ගතික දේශපාලකයන් නොවේ , මොඩ් දේශපාලුවෝ , අපි කොහොමත් ජිවත් වෙන්නේ අපේ පාඩුවේ , ඔබට පාන්ද ?

:       2       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 226 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 386 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site