
(රෝෂන් තුෂාර)
රුපියල් මිලියන 194ක බදු මුදලක් නොගෙවා පැහැර හැරියේ යැයි කියන අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාබුගල විත්තිකරුට වැට් බදු වාර්තා ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් නොවැම්බර් 25 දින අධිකරණයේ පෙනී සිට කරුණු දක්වන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් සජිවිකා ඉයන්දල මහත්මිය සිතාසී නිකුත් කරමින් නියෝග කළාය.
අවුරා ලංකා සමාගම වෙනුවෙන් 2019 තුන්වෙනි කාර්තුව සඳහා ලබා දිය යුතු වැට් බදු වාර්තා ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් දේශීය ආදායම් කොමසාරිස්වරයා පැවරූ පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුව මෙම සිතාසිය නිකුත් කළාය.
දෙශීය ආදායම් කොමසාරිස්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දිනේෂ් පෙරේරා මහතා කරුණු දක්වමින් කියා සිටියේ විත්තිකරුට අධිකරණයේ පෙනී සිටීමට සිතාසි නිකුත් කර තිබුණද ඔහු පෙනී සිට නොමැති බවය.
පැමිණිල්ලේ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරිය තලංගම පොලිසිය ස්ථානාධිපතිවරයා හරහා නැවත සිතාසි නිකුත් කරන ලෙසට නියෝග කළාය.
තාබුගල මහතා විසින් 2022 /2023 වර්ෂ වලට අදාළව රුපියල් මිලියන 194ක බදු මුදලක් නොගෙවා පැහැර හැරීම සම්බන්ධයෙන් දේශීය ආදායම් කොමසාරිස්වරයා විසින් තවත් නඩුවක් පවරා ඇති අතර එම පැමිණිල්ල දෙසැම්බර් මස 15 කැඳවීමට මහේස්ත්‍රාත් අධිකරණය දින නියම කර ඇත.
2025 ඔක්තෝබර් මස 08
1714
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1429
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
512
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
තාබුගලට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග