IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


තැපෑලේ වැඩවරුම ගැන තැපැල්පතිගෙන් නිවේදනයක්

(අංජුල මහික වීරරත්න)

රජයේ ප්‍රතිපත්තිමය කරුණු පාදක කර ගනිමින් එයට විරෝධය පළ කර වැඩ වර්ජනයකට යාම ඉතා අසාධාරණ ක්‍රියාමාර්ගයක් තැපැල්පති බව එස්.ආර්.ඩබ්.එම්.ආර්.පී.සත්කුමාර මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

තැපැල්පතිවරයා මේ නිවේදනය නිකුත් කරන්නේ තැපැල් හා විදුලි සංදේශ නිලධාරින්ගේ සංගමය හෙට ඇරැඹීමට නියමිතව ඇති වැඩ වර්ජනය සම්බන්ධයෙන් අදහස් පළ කරමිනි.

තැපැල්පතිවරයා මෙසේද පවසයි.

තැපැල් හා විදුලි සංදේශ නිලධාරින්ගේ සංගමය සහ ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ විසින් හෙට (17) පස්වරු 4 සිට මධ්‍ය තැපැල් හුවමාරුවේ ද  එදින මධ්‍යම රාත්‍රී 12 සිට  දිවයින පුරා සියළුම තැපැල්  සහ පාලන කාර්යාලවල අඛණ්ඩ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව දන්වා ඇත.

මෙහිදී මෙම අඛණ්ඩ වැඩ වර්ජනයක් ඉල්ලීම් 19 ක් ඉදිරිපත් කරමින්  කැදවා ඇති නමුත් එහි ප්‍රධාන ඉල්ලීම් වනුයේ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 10/2025 අනුව තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහා අතිකාල ගෙවීම සම්බන්ධයෙන් ආයතන අධ්‍යක්ෂ ජනරාල් විසින් ලබා දී ඇති උපදෙස් අනුව කටයුතු කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කිරීමයි.

තැපැල් දෙපාර්තමේන්තුවේ සියළුම පාලන කාර්යාල හා ගිණුම් කාර්යාලවල නිලධාරීන් ඇඟිලි සලකුණු යන්ත්‍රයේ පැමිණීම හා පිටවීම සටහන් කළ යුතු බවට ලබා දී ඇති උපදෙස් වලට විරෝධය දැක්වීම ද මෙම වෘත්තීය ක්‍රියා මාර්ගයේ අරමුණක් වී ඇත.

ඉහත කරුණු දෙකම රජයේ ප්‍රතිපත්තිමය කරුණු වන අතර එයට විරෝධය පළ කර වැඩ වර්ජනයකට යාම  ඉතා අසාධාරණ ක්‍රියාමාර්ගයකි.

රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 10/2025 මඟින් රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරීමක් සිදු කර ඇති අතර එම වැටුප් අනුව සියළුම රාජ්‍ය සේවකයන් ලබා ගත යුතු අතිකාල ප්‍රමාණය සම්බන්ධයෙන් පැහැදිලි උපදෙස් ලබා දී ඇත. 

ඒ අනුව තැපැල් දෙපාර්තමේන්තු නිලධාරීන් සඳහා 40 %  කට  ආසන්න අතිකාල දීමනා මෙන්ම මාසික වැටුප්ද ඉතා ඉහළ අගයකින් වැඩි වීමක් සිදුව ඇති අතර තැපැල් දෙපාර්තමේන්තුව සඳහා අනෙක් දෙපාර්තමේන්තුවලට වෙනස් ආකාරයෙන් පැයකට අතිරේක 25% හෝ 50 % ප්‍රසාද පැය ඇතුළත්ව අතිකාල ගණනය බැවින් ආයතන අධ්‍යක්ෂ ජනරාල් විසින් අතිකාල ගෙවීම් සම්බන්ධයෙන් උපදෙස් ලබා දී ඇත. 

එම උපදෙස් අනුව 2025.04.01 දින සිට  අතිකාල ගෙවීම් සිදු කළ යුතු අතර 2025 මාර්තු මස ලබා ගත් අතිකාල හා වැටුප් සමඟ සන්සන්දන කිරීමේදී මේ වන විට ඉහළ වටුප් වැඩිවීමක් හා අතිකාල ගෙවීම් හිමිවන හෙයින් මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම මඟින් වෘත්තීය සමිති මඟින් පෙන්වා දෙන ආකාරයේ අවාසියක් කිසිදු සේවකයෙකුට සිදු නොවේ. 

එසේම සියළුම පාලන හා ගිණුම් කාර්යාල වල අතිකාල සම්බන්ධයෙන් ලබා දිය හැකි උපරිම සහන ලබා දී ඇති අතර සාමාන්‍ය රාජකාරි සඳහා පැමිණීම සහ පිටවීම අනිවාර්යයෙන්ම ඇඟිළි සලකුණු කළ යුතු බවට උපදෙස් නිකුත් කර ඇත. ඒ  සම්බන්ධයෙන්ද ඉහත පරිදි වෘත්තීය සමිති විරෝධය දක්වා මෙම වැඩ වර්ජනය පාදක කරගෙන ඇත වෘත්තීය සමිති විරෝධය පල කර ඇත.

මේ වන විට තැපැල් දෙපාර්තමේන්තුවේ සමස්ත පිරිවැයෙන් 90% ක් වැටුප් හා අතිකාල ගෙවීම සඳහා දැරීමට සිදු වී ඇති පසුබිමක රජයේ නීතිරීති වලින් බැහැරව විගණන වාර්තා මඟින් ලබා දී ඇති උපදෙස්වලට පටහැනිව ක්‍රියා කිරීමේ හැකියාවක් නොමැත. වාර්ෂිකව රුපියල් බිලියන 4.0 ක පමන ආදායම් ඉක්මවා ගිය වියදමක් සහිතව පවත්වාගෙන යන තැපැල් දෙපාර්තමේන්තුව ආදායම් තත්ත්වයන් ඉහළට ගෙන නොඑන්නේ නම් වාර්ෂික මෙහෙයුම් අලාභය රුපියල් බිලියන 12.0 ඉක්මා යනු ඇත.

සාම්ප්‍රදායික තැපැල් සේවාවලින් බැහැරව පාරිභෝගික අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි අගය එකතු කළ තැපැල් සේවාවන් ක්‍රියාත්මක කරමින් ආදායම් ඉපැයීමේ දැඩි උත්සාහයක තැපැල් දෙපාර්තමේන්තුව නිරතව සිටින මෙවැනි අවස්ථාවක දෙපාර්තමේන්තු සේවකයින් නොමග යවමින් තැපැල් වෘත්තීය සමිති විසින් මෙවැනි වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹීම කණගාටුවට කරුණකි.

මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සඳහා තැපැල් කාර්යාල ජාලයට අයත් උප තැපැල් කාර්යාල 3354 ක උප තැපැල් ස්ථානාධිපතිවරුන් සහභාගි නොවන බව දන්වා ඇති අතර  එම කාර්යාලවල සාමාන්‍ය පරිදි  රාජකාරි කටයුතු සිදු වන බැවින් එම කාර්යාල වෙතින් තැපැල් සේවාවන් ඉටු කර ගත හැකි වේ. එසේ වුවද මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය  හේතුවෙන් තැපැල් භාණ්ඩ බෙදාහැරීමේ කටයුතු ප්‍රමාදයකට ලක්විය හැකි බව මහජනතාව වෙත දන්වා සිටිමි. මෙම අසාධාරණ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් සිදුවන අපහසුතාවය පිළිබඳව කණගාටුව පළ කරමි. 



අදහස් (4)

තැපෑලේ වැඩවරුම ගැන තැපැල්පතිගෙන් නිවේදනයක්

සෙනෙවිරත්න Saturday, 16 August 2025 11:43 AM

මොකද අත්සන් යන්ත්‍රයේ අත්සන් තියාගන්න බැරි...? හොර හිත ⁣නිසා නොවේද? හොරට වෙලාව දාලා වංචනිකව සල්ලි ගැනීම හොඳ නැහැ නේද?

:       2       22

සෙනෙවිරත්න Saturday, 16 August 2025 11:45 AM

මොකද මේ වෘත්තිය සංගම් මහත්වරු අර වාහන දඩමුදල් ඔන්ලයින් ගෙවීමට විරුද්ධයි ඒක වහාම නතර කරන්න කියලා ඉල්ලුවේ නැත්තේ? තැපෑලට එන ලොකු ආදායමක් අහිමි වෙනවා නේද?

:       5       4

Lal Saturday, 16 August 2025 12:52 PM

පිං පඩි හොර ගුහා ඕවා... වහලා දාන්න තියෙන්නේ...

:       3       18

prasanna Saturday, 16 August 2025 01:46 PM

ජේ.වී. වෘත්තීය සමිති මේ රටට කොඩි විනයක්..

:       8       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 640 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17652 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 729 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site