IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ණය ප්‍රතිව්‍යුහගතකරණය පමා වෙයි

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ණය හිමියන් සමඟ ලන්ඩන් නුවරදී පැවති සාකච්ඡාවේදී කාරණා දෙකක් සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීමට නොහැකිවීමෙන් ණය ප්‍රතිව්‍යුහගත  කිරීමේ ක්‍රියාවලිය මඳක් පමා වනු ඇතැයි ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ  උපදේශක ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවසීය.

කෙසේ වෙතත් ලබන ජුනි මාසයට පෙර එම කටයුතු අනිවාර්යයෙන්ම අවසන් කරන බවද  රත්නායක මහතා කීය.

ණය හිමියන්  සමග පැවති සාකච්ඡාවේදී කරුණු හතරක් පිළිබඳව අවධානය යොමු වූ අතර එයින් කරුණු දෙකකට දෙපාර්ශවයේම එකඟතාවය ලැබුණු බව රත්නායක මහතා සඳහන් කළේය.

මින් පෙර පැවති සාකච්ඡා වලදී ණය හිමියන් සහ ශ්‍රී ලංකා රජය ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාල කාරණා රාශියක් සම්බන්ධයෙන් එකඟතාවය⁣ට පැමිණි බව කී රත්නායක මහතා තවමත් එකඟතාවයට පැමිණීමට නොහැකි වී ඇත්තේ අවසන් කාරණා හතරෙන් දෙකක් ගැන  පමණක් බවද කීය. 

පෞද්ගලික ණය හිමියන් සමඟ සාකච්ඡා කිරීම යනු ණය ප්‍රතිව්‍යුහගත  කිරීමේ ක්‍රියාවලියේ එක් කොටසක් පමණක් බවද රත්නායක මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකාව මෑතකාලීනව ලබා ඇති ආර්ථික ප්‍රගතිය පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු සියලුම ජාත්‍යන්තර පරිත්‍යාගශීලීන් සිය තෘප්තිය ප්‍රකාශ කර ඇති බවද සාගල රත්නායක මහතා කීය.

ද්විපාර්ශ්වික ණය කරුවන්ගෙන් සමන්විත නිල ණයකරුවන්ගේ කමිටුව (OCC) සමඟ ලංකාව  සාර්ථක සාකච්ඡා වටයක් පවත්වා තිබෙන බව කී රත්නායක මහතා ලංකාව චීනය සමඟ ද සාර්ථක සාකච්ඡා වටයක් පවත්වා ඇතැයි සඳහන් කළේය.

කොළඹ ජනාධිපති කාර්යාලයේ දී අද (15) පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් සාගල රත්නායක මහතා මේ බව සඳහන් කළේය.



අදහස් (5)

ණය ප්‍රතිව්‍යුහගතකරණය පමා වෙයි

Chandima Monday, 15 April 2024 05:13 PM

ඒක දැනගෙන වෙන්න ඇති කිව්වේ අයි.එම්.එෆ්. එකේ වැඩ ඉවර වෙනකල් ඡන්දයක් නැහැ කියලා...? රනිල් ඡන්දෙ තියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන දිනේටද? නැතිනම් අයි.එම්.එෆ්. එක කියන දිනේටද?

:       0       0

චන්දන Monday, 15 April 2024 05:52 PM

මේ කරුණු හෙළි නොකරන්නේ ඇයි...හොර රහසේ වැඩ කරන්න තමුන්නැහැලාට බලය දුන්නෙ කවුද ..මුලු රටම පාවල දීල හුරේ කියන කාලකණ්නි හැත්තක් ...

:       0       0

Sharm Monday, 15 April 2024 09:43 PM

පින්තූරෙ පෙන්නන්න හදපු තරම්ම රෝස මල් නෑ නේද?? ඔහොම යමු. තව ටික දවසකින් නටුවේ කටු කියන්න බැරියෑ..

:       0       0

Lal Tuesday, 16 April 2024 10:20 AM

ජෙප්පන්ට සුබ ආරංචියක් වගේ --- එන්න අපි කිරිබත් කමු දැන්

:       3       1

Liyanage Tuesday, 16 April 2024 12:55 PM

සාගල රත්නායකගේ සුදුසුකම මොනවද ?

:       3       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 149 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site