IMG-LOGO

ණය ප්‍රතිව්‍යුහගතකරණය හැර වෙනත් විකල්පයක් නෑ

(යොහාන් භාසුර)

ආණ්ඩුවට දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම හැර වෙනත් විකල්පයක් මේ අවස්ථාවේදී නොමැති බවත් එය කළ ආකාරය වැරදි යැයි යම්කිසි කෙනෙක් කියනවා නම් එය කළයුතු විකල්ප ක්‍රියාමාර්ගයක් ඉදිරිපත් කළ යුතු  බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී  නීතිඥ සාගර කාරියවසම් මහතා අද (4) පැවසීය.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම නුසුදුසු බව ප්‍රකාශ කරන්නේ නම් එය කළ යුත්තේ කුමණ ආකාරයකින්ද යන විකල්ප මාර්ගයක් පෙන්වා දියයුතු බව කී කාරියවසම් මහතා ඒ සම්බන්ධයෙන් හිස් ප්‍රකාශ කිරීම පමණක් නුසුදුසු බව ද සඳහන් කළේය.

මෙය ජයග්‍රහණයක් හැටියට නොදැක්ක ද රට වෙනුවෙන් අනිවාර්යෙන්  එය කළයුතු දෙයක් ලෙස දකින බවත් ණය ප්‍රතිව්‍යුහගතකරණයට විරෝධය දක්වන පිරිස රට වර්තමානයේ පත්ව තිබෙන තත්වයට වගකිය යුතු බවත් ඒ මහතා කීය.

කොවිඩ් ව්‍යසනය නිසා රට වැසුවද වරින් වර රට විවෘත කරන්න කළ උත්සහයේදී රට වහන්න බලකළ මේ පිරිස සංචාර ව්‍යාපාරය ආරම්භ කරන්න ඉඩ නොදී උද්ඝෝෂණ කර කඩාකප්පල් කළ බව ද නීතිඥා සාගර කාරියවසම් මහතා වැඩි දුරටත් කීය.

බත්තරමුල්ලේ පිහිටි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (4) පැවති මාධ්‍ය හමුවේදී එම පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී  නීතිඥ සාගර කාරියවසම් මහතා එසේ පැවසීය.  



අදහස් (4)

ණය ප්‍රතිව්‍යුහගතකරණය හැර වෙනත් විකල්පයක් නෑ

සිල්වා Tuesday, 04 July 2023 09:44 PM

හොරකම් කරපු සල්ලි ටික රටට ගෙනාවා නම් හරිනේ...

:       0       1

Demuni de Silva Wednesday, 05 July 2023 04:26 AM

සාගර, පළමුවෙන්ම, මෙම බංකොලොත් වීමට හේතුව සොයා බලන්න සහ වගකිව යුතු හෝ වගකිව යුත්තේ කවුද? පාලකයෝ හෝ චූදිතයෝ මේ විමසුමට බිය වෙති!

:       0       1

සල්ලි Wednesday, 05 July 2023 07:52 AM

මේ හාල් කෑල්ල අතන මෙතන කියන දේවල් පත්තරේ දාලා මිනිස්සුන්ගේ ඔලුගෙඩි විනාශ කරන්න එපා...

:       0       2

duminda Wednesday, 05 July 2023 11:34 AM

පිස්සු පූසන්...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 3 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 9 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 660 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site