IMG-LOGO

ණය කාඩ්පත් පොලිය වැඩි කරයි

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකා වාණිජ බැංකු කිහිපයක් ණය කාඩ්පත් සඳහා අයකරනු ලබන පොලී අනුපාතිකය ඉහළ දමා ඇති බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය අප්‍රේල් 8 වැනිදා ණය කාඩ්පත් සඳහා පනවා තිබූ උපරිම පොලී අනුපාතික සීමා ඉවත් කිරීමට තීරණය කළේය.

එම තීරණයෙන් පසු එතෙක් සියයට 18 ක්ව පැවති ණය කාඩ්පත් පොලිය අද වන විට සියයට 30 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි පැවැසෙයි.

එක් වාණිජ බැංකුවක් පමණක් ණය කාඩ්පත් පොලිය ජූලි මස සිට තවත් සියයට 6 කින් වැඩි කරමින් සියයට 36 සීමාවට රැගෙන විත් ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තා වලට අනුව මෙම වසරේ අප්‍රේල් මාසය වන විට සක්‍රීයව පවතින ණය කාඩ්පත් ප්‍රමාණය 1,973,481 ක් වන අතර මෙම ණය කාඩ්පත් වෙනුවෙන් අප්‍රේල් මාසය අවසන් වන විට ගෙවිය යුතු මුළු හිඟ මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 138,192 කි

 



අදහස් (2)

ණය කාඩ්පත් පොලිය වැඩි කරයි

Bandara Sunday, 26 June 2022 10:41 AM

දැන් හොඳටම සැපයි...!

:       0       2

Regie Sunday, 26 June 2022 02:04 PM

ඒකෙ වාණිජ බැංකුවක් 30% පොලිය 36% දක්වා වැඩිකිරීම අසාධාරණයි.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 93 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1013 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site