
(අජන්ත කුමාර අගලකඩ)
ඩොලර් හිඟය හේතුවෙන් විදේශ තානාපති කාර්යාල දෙකක් සහ කොන්සල් ජනරාල් කාර්යාලයක් වසා දැමීමට විදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර ඇත.
ඒ අනුව, ඉරාකයේ බැග්ඩෑඩ් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, නෝර්වේ රාජ්‍යයේ ඔස්ලෝ හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පිහිටි කොන්සල් කාර්යාලය ලබන 31 වැනිදා සිට වසා දැමීමට විදේශ කටයුතු අමාත්‍යංශය තීරණය කර තිබේ .
ශ්‍රී ලංකාව මුහුණ දී සිටින බරපතළ ඩොලර් අර්බුදය සැලකිල්ලට ගනිමින් විදේශ කටයුතු අමාත්‍යාංශය මෙම පියවර ගෙන ඇත.
මේ අනුව, ඉරාකය සමඟ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු පවත්වාගෙන යාම ඩුබායි හි පිහිටි කොන්සල් ජනරාල් කාර්යාලයටත්, නෝර්වේ සමඟ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර කොන්සල් ජනරාල් කාර්යාටත්,සිඩ්නි නුවර කොන්සල් ජනරාල් කාර්යාලයේ කටයුතු ඔස්ට්‍රේලියාවේ කැන්බරා නුවර පිහිටි ශ්‍රී ලංකා මහ මහකොමසාරිස් කාර්යාල යටත් , පැවරෙනු ඇත.
ශ්‍රී ලංකාව විදේශ දූත මණ්ඩල 63 ක් පවත්වාගෙන යන අතර ,මෙම කාර්යාල තුන වසා දැමීමත් සමග එම සංඛ්‍යාව 60 දක්වා අඩු වනු ඇත . ඩොලර් අර්බුදය හේතුවෙන් එම ලංකා දූත මණ්ඩල කාර්යාල 60 ද පවත්වාගෙන යාම බරපතළ ගැටලුවක් වී ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 04
160
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
367
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
375
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඩොලර් නැතිව විදෙස් කාර්යාල තුනක් වසයි
Sam Monday, 21 March 2022 02:33 AM
අහන්නත් සතුටුයි, මේවායේ ඉන්නේ දේශපාලකයන් ගෙ නෑයෝ. අහිංසක මිනිස්සුන්ගෙ සල්ලි වලින් නඩත්තුවෙන මෙලො වැඩක් නැති සුදූ අලි
ලුම්බිණි Monday, 21 March 2022 04:22 AM
ඔය ඔක්කොම වහල දාන්න.
Hafeel Monday, 21 March 2022 08:32 AM
ජනාධිපතිට අවුරුදු දෙකක් අහිමි වුනාලු. ඉතුරු අවුරුදු තුන හොඳටම කරනවලු. දැන් යන විදියට ඉතුරු අවුරුදු තුන බලයේ ඉන්න ඔනද කියල ජන මතයක් තිබ්බ නම් හොඳයි.
සෙනෙවිරත්න Monday, 21 March 2022 09:54 AM
ඔවයෙ ඉන්න තම තමන්ගෙ ඥාතීීනට මොකද කරන්නෙ ඇමති තුමා? මෙහෙන් ජෝබ් හොයල දෙමුද?
Sanath italy Monday, 21 March 2022 01:33 PM
අනේ පුලුවන්නම් මේ ඉතාලියෙ තියන කාර්‍යාලයත් වසා දමන්න. රටටත් වැඩක් නැහැ මෙහෙ ඉන්න අපිටත් වැඩක් නැහැ . පාන්දර 3ටයන්න ඕනෙ පෝලිමට නො 60යි දෙන්නෙ. සමහර මිනිස්සු කිමි.800-900දුර ගෙවාගෙන එන්නෙ නිවාඩු දමාගෙන ඒත් වැඩක් නැහැ . සුලු පිරිසක් නිලදාටින් සමග ඩීල් දමාගෙන මුදලට හැම වැඩක්ම කරන්නෙ.
ජන හඩ Monday, 21 March 2022 04:57 PM
එන එන ආණ්ඩුවෙලට හෙත්තුවෙලා රස්සා ලබාගෙන අතිරික්ත සේවකයන් පිරුණු එහෙත් වැඩ බැරි වූවන් පිරි ලාංකිකයන්ට රැවුම් ගෙරවුම් දාන රටට සේවය අවම වශයෙන් සලසන සෝබන වැඩි අමාත්‍යයාංශයකට වූ දේ කණගාටු දායකය.
sampath Monday, 21 March 2022 10:46 PM
මේවානම් තිබුණා නැතා කියලා මහවැඩක් වෙන්නේ නැහැ. ඩොලර් උපයනවට වඩා ඩොලර් කන එකයි වෙන්නේ මේ කියන විදිහට...