(රංජන් කස්තුරි, යොහාන් භාසුර සහ ටී.කේ.ජී. කපිල)
මන්කි ෆොක්ස් හෙවත් වඳුරු උණ වැළඳුන තරුණ මවක සහ කුඩා දියණියක හමු වූ බව කොළඹ වසන්ගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිත ගිණිගේ මහතා පවසයි.
25 හැවිරිදි කාන්තාවක සහ ඇගේ දින ගණනාවක් වයසැති බිළිඳියට වඳුරු උණ වැළඳී ඇති බව තහවුරුකරගත් අතර ඔවුන් අංගොඩ අයි.ඩී.එච්. රෝහලේ ආරක්ෂිතව ප්‍රතිකාර ලබමින් සිටින බව ද විශේෂඥ වෛද්‍ය සමිත ගිණිගේ මහතා සඳහන් කළේය.
මොවුන් දෙදෙනාම විදේශ රටක සිට මෑතකදී ලංකාවට පැමිණි අයවළුන් බව ද ඔවුන් උණරෝගයට ප්‍රතිකාර ලබාගැනීමට කොළඹ රෝහලකට පැමිණි පසුව වඳුරු උණ වැළඳී ඇති බව තහවුරු කරගත්තේ යැයි ද වෛද්‍ය ගිණිගේ මහතා කීවේය.
මෙම රෝගීන්ගේ නිවෙසේ තවත් වැඩිහිටි පුද්ගලයන් දෙදෙනකු වාසය කරන අතර ඔවුන් ද නිරෝධායනයට යොමු කර ඇතැයි ද හෙතෙම පැවැසීය.
වඳුරු උණ රෝගය වැළඳුන රෝගීන්ගේ තත්වය අයහපත් නොවන අතර ඔවුන්ගෙන් රෝගය බෝවීම හෝ පැතිරයාම වැළැක්වීමට ගතහැකි සියලු පියවර ගෙන ඇතැයි ද වෛද්‍යවරයා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
147
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තරුණ මවට - කුඩා දියණියට වදුරු උණ