IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඩීසල් නැව් තොග හතරක් ගන්න කොන්ත්‍රාත්තුව දෙයි

(අංජුල මහික වීරරත්න)

ඩීසල් (0.05% M.S.) නැව් තොග හතරක්  මිල දී ගැනීම වෙනුවෙන් වූ දිගු කාලීන කොන්ත්‍රාත්තුව පිරිනැමීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

2024-08-01 සිට 2024-12-31 දක්වා කාලය සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත ඩීසල් (0.05% M.S.) නැව් තොග 4 ක් මිල දී ගැනීමේ දිගුකාලීන කොන්ත්‍රාත්තුව සඳහා ලියාපදිංචි සැපයුම්කරුවන් වෙතින් මිල ගණන් කැඳවා ඇත. 

ඒ අනුව ලැබී ඇති ලංසු ඇගයීමෙන් අනතුරුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ලබා දී ඇති නිර්දේශය මත පදනම්ව, අදාල කාලය තුළ ඩිසල් බැරල් 280,000+/-5% ක් බැගින් වූ නැව් තොග 4 ක් සපයා ගැනීම සඳහා වූ කොන්ත්‍රාත්තුව M/s Zhongxi Energy Development (Ningbo) Co. Ltd., China වෙත පිරිනැමීම පිණිස විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කෙරිණි.



අදහස් (2)

ඩීසල් නැව් තොග හතරක් ගන්න කොන්ත්‍රාත්තුව දෙයි

Perera Tuesday, 25 June 2024 03:31 PM

ඔය සැපයුම්කකරුවන්ගේඅග මුල සොයාගෙන ගියාම ජරාපක්ෂලා ඉන්නවාද කියලා බලන්න

:       0       3

Chandima Tuesday, 25 June 2024 11:58 PM

මෙව්වගෙන් ගන්න කොමිස් වලින් ජීවිත කාලෙම පිටරට සුරසැප විඳින්න ලැබෙයි කියලා හිතුවට මේ රටවලට ආපුවාම තේරෙයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site