
(අංජුල මහික වීරරත්න)
ඩීසල් නෞකාවකට ඇනවුමක් ලබා දී ඇති අතර ජුලි දෙවන සතිය වන විට එම නෞකාව ලංකාවට පැමිණෙනු ඇතැයි ඉන්ධන අර්බුදය පිළිබඳ සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍යවරයා පත් පත්කළ කමිටුවේ සභාපති හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය.
පෙට්‍රල් ලබා ගැනීම සම්බන්ධයෙන් ද ඉන්දියාව සමඟ සාකච්ඡා කරමින් සිටින බව ද සාගල රත්නායක මහතා සඳහන් කළේය.
ගෑස් මෙට්‍රික් ටොන් තිස්තුන් දාහක් ජුලි මාසයේදී මෙරටට ලැබීමට නියමිතව ඇති බවද සාගල රත්නායක මහතා සඳහන් කළේය.
පුවත්පත් කර්තෘවරුන් සමග කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති හමුවකදී සාගල රත්නායක මහතා මේ බව කීය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.