
(නිමල කොඩිතුවක්කු)
ශ්‍රී ලංකා ක්‍රිකට් කණඩායමේ හිටපු නායකයකුවන දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩක තිලකරත්න ඩිල්ශාන් මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සමගි ජන බලවේගය හා එක් එක්විය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ රට ගොඩ නැගීමේ ගමනට සහාය පළ කිරීමෙ අරමුණින් තමන් සමගි ජන බලවේගය හා එක්වූ බව ඔහු සඳහන් කළේය.
කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී ඔහු මෙලෙස සමගි ජන බලවේගය හා එක්විය.
වසර 17කට ආසන්න කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කල ඒ මහතා කලක් එහි නායකත්වය ද හෙබවීය.
මෙම අවස්ථාව සඳහා සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
හිටපු ක්‍රිකට් නායක තිලකරත්න දිල්ෂාන් මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සහාය පළ කළ අයුරු ඡායාරූපයේ දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එන්න..එන්න රට හදන්න.දෙන්න බලන්න් ඩ්ල්ස්කූප් එකක්
හැම ඡන්දෙකදිම දේශ පාලකයෝ ජනප්‍රිය ක්‍රීඩකයෝ, නළුනිළියෝ ඉස්සරහට දාලා මිනිස්සු රවට්ටලා බලේ ගන්නවා...!
මෙයා මහින්දගේ දෑත් ශක්තිමත් කරන්නත් ගියා නේද? ඒ වගේම තරග පාවා දීම් වලටත් නම සඳහන් වුණා වගේ මතකයි.
වෙන කොහේ යන්නද? මහින්ද ළඟ කැරකුණු අයට ඔය ගුබ්බෑයම හැර...
එතුමා ගියා නම් මමත් යනවා...!
ඔය හදන්නේ ඩිල්ස්කූප් එකක් ගහන්න වගේ වැඩක්... එක්කෝ හයයි. නැතිනම් දත් සෙට් එක ඉවරයි.
මොකද දැන් නාමල්ගේ සැර අඩුද? කෙනෙක් අමාරුවේ වැටුණාම ඔක්කොම අය දාලා යනවා. ඔන්න අපේ රටේ අද සමාජය... !
ඩිල්ෂාන් ඔබ ගැන ලැජ්ජයි...!
බෝලයට පොල්ලෙන් ගැහුවා කියලා මෙයා පොරක්ද?