(චමින්ද වැවතැන්න මාවනැල්ල විශේෂ පී ශාන්ත බණ්ඩාර)
වෙඩි තබා ඝාතනය කරන ලද සමාජ ක්‍රියාකාරියකු වු ඩෑන් ප්‍රියසාද් ඝාතන සිද්ධියේ වෙඩික්කරු සහ ඔහු අනියම් බිරිය කියන කාන්තාව දින හතක කාලයක් රඳවා ප්‍රශ්න කිරීමට කෑගල්ල මහේස්ත්‍රාත් සශිකා මිතුනගේ ආරච්චි මෙනෙවිය පොලිසියට අද (19) අවසර දුන්නාය.
සැකකරුවන් යළි ලබන 25 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළාය.
මෙලෙස රඳවා තබා ගැනීමට නියෝග කර සිටියේ ඇතිගේ ප්‍රිමාල් ධනුක සිල්වා සහ චන්ද්‍රසේකර මුදියන්සේලාගේ පුණ්‍යා කුමාරි චන්ද්‍රසේකර නැමැති කාන්තාවකි.
ඔවුන් සමග අත්අඩංගුවට ගත් එම සමාජ ශාලාවේ හිමිකරු බව කියන අරුණ ශ්‍රී ධම්මික ජයවර්ධන අද (20) දින දක්වා රඳවා ප්‍රශ්න කිරීමට අවසර දුන්නාය.
කෑගල්ල පොලිස් වසමේ රංවල රාත්‍රි සමාජ ශාලාවක සැකකරු රැදී සිටින බවට ලද තොරතුරකට අනුව කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මංජුල පියතිස්ස මහතා ඇතුළු කණ්ඩායමක් සැකකරුවන් අත් අඩංගුවට ගත්හ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ඩෑන් ඝාතකයාගෙන් රඳවා ප්‍රශ්න කරන්න අවසර