IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


ඩීසල් නොදුන්නොත් හෙට සිට බස් දුවන්නෑ

(නිමල කොඩිතුවක්කු)

පෞද්ගලික බස්රථ සඳහා ඉන්ධන ලබා දිමේ ක්‍රමවේදයක් සකස් නොකළහොත් හෙට (01) සිට බස් රථ ධාවනයෙන් ඉවත්වීමට සිදුවන බවට බස් සංගම්  සඳහන් කරයි.

ඉන්ධන හිඟය හේතුවෙන් අන්තර් පළාත් ඇතුලු පෞද්ගලික බස් රථ ධාවනයට නොහැකි තත්වයක් උද්ගතව ඇතැයිද එම සංගම් සඳහන් කරති.

ඉන්ධන නොමැති වීමෙන් මගීන් සමග බස් රථ අතරමග නතරවීමේ අවස්තාවන් සහ  බස් රථය එක් ගමනාන්තයකට පැමින අනෙක් ගමනාන්තය සඳහා යාමට නොහැකි වූ අවස්ථාවන් විශාල ප්‍රමාණයක් අද (28) දිනයේ වාර්තා වූ බවද බස් සංගම් පවසති.

විසිදහසක් පමණ ධාවනය වූ පොෟද්ගලික බස්රථ වලින් අද (28) ධාවනය වූයේ අට දහසකටත් අඩු සංඛ්‍යාවක් බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.

ඉන්ධන නොමැතිවීමෙන් එම ධාවනය වන බස් රථවල ගමන්වාර සියයට 50 කින් අඩු කිරීමට පියවර ගත්  බවත්  ඔහු කීවේය.

ඉන්ධන නොමැතිවීමේ බස් රථ විශාල ප්‍රමාණයක් මග නැවතුන බවද විජේරත්න මහතා ප්‍රකාශ කළේය.

ඇතැම් බස් රථ වලට මගීන් සමග පැය ගණන් ඉන්ධන පෝලිම් වල රැඳී සිටීමට සිදුවූ බවත් හෙතෙම කීවේය.

මේ හේතුවෙන් මගී ජනතාව මෙන්ම බස් රථ හිමියන්ද දැඩි පීඩාවට පත්ව සිටින බවත් ඔහු කීවේය.

ඇතැම් ඉන්ධන පිරවුම් හල් වලින් රුපියල් 2000ක පමණක් ඩීසල් නිකුත් කළ බවත් විජේරත්න මහතා ප්‍රකාශ කළේය.

කාර්්‍යාල වේලාවන්, අපොස උසස් පෙල විභාගය පැවැත්වෙන කාල සීමාවන් ආදී අත්‍යවශ්‍ය ගමන්වාර පමණක් ඊයේ දිනයේදී බස් රථ ධාවනයට පියවර ගත් බවද විජේරත්න මහතා පැවසීය.

අනවශ්‍ය ගමන්වාර සහ දිවා කාලයේ බස් රථ ධාවනය සම්පූර්ණයෙන්ම සීමා කිරීමට කටයුතු කළ බවත් ඔහු කීවේය.



අදහස් (0)

ඩීසල් නොදුන්නොත් හෙට සිට බස් දුවන්නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 91 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 236 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 585 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site