(අංජුල මහික වීරරත්න)
තම හදවතේ පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර දමා වෙනත් කිසිදු පක්ෂයකට නොයන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
මහින්ද අමරවීර, දුමින්ද දිසානායක සහ ලසන්ත අලගියවන්න මහත්වරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු වලින් ඉවත් කිරීමට තීරණය කිරීම සහ එම තීරණය වලක්වමින් අධිකරණය ලබාදුන් නියෝගය සම්බන්ධයෙන් වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ පැවැති වැඩසටහනකදී මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ශ්‍රිලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා නොමඟ යවන ඩීල්කාරයන් පිරිසක් දැන් එතුමා වටා ඉන්න බව කී අමාත්‍යවරයා එම ඩීල්කාරයන් සිරිසේන මහතාට විවිධ අසත්‍ය කරුණු ඉදිරිපත් කරන බව කීය.
"ඔබතුමා තමයි ජාත්‍යන්තරය ඉල්ලන නායකයා, ඔබතුමා රටේ ජනප්‍රියම නායකයා, ඔබට නැවත ජනාධිපති වෙන්න පුළුවන් වැනි අසත්‍ය තොරතුරු සිරිසේන මහතාට ලබාදෙන කණ්ඩායමක් සිටින බව කී අමාත්‍යවරයා මෙම ඩීල්කාරයන් ඉදිරියේදී එතුමාට මොනවා කරයි ද කියන සැකය තමාට තිබෙන බව කීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා සමඟ ඉදිරි මැතිවරණ ජය ගත හැකි යැයි සිතනවාදැයි මෙහිදී මාධ්‍යවේදීන් විමසූ විට ඊට පිළිතුරු නොදුන් අමාත්‍යවරයා සිනාසුණේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිරිසේන පයින් ගහලා එලියට දැම්මෙත් රජ ඩීල් කාරයෝ තුන් දෙනෙක් තමයි.
වෙන පක්ෂයකට මේ අයව අරගෙන මොනවා කරන්නද?
කොයි ආණ්ඩුව ආවත් ඇමති කට්ට ලෙවකන දෙපත් නයෙක් පඹයාට විරුද්ධව ඔබ අමතයි.
මේ වගේ ඩීල්කාරයෝ එලවලා දාපු එකමයි හොද. පක්ශයක් උනාම එක මතයක නොසිට වෙන තැන්වලට හේත්තු වෙන්නෙ ගනුදෙනු සහ පුද්ගලික වාසි වෙනුවෙන්. කියන්නෙ නන් රට වෙනුවෙන් කියල. මෙහෙම එවුන් කිසිම තැනකට වැද්දගන්න හොද නෑ.
හරි ශෝක් UNP එකට හේත්තුවෙලා SLFP කාරයෙක් වගේ රඟපානවා ඊළඟ චන්දෙන් මේ වගේ අවස්තාවාදියෝ ගෙදර යවන්න ඕනේ
හැමදාම ඇමති කට්ටක් හොයාගෙන ප්‍රතිපත්ති පාවාදෙන අවස්ථාවාදීන්...!
දැන් එල්ලෙන්න වැලේවල් නැතිව යනකොට තමයි පක්ෂේ මතක් වෙලා තියෙන්නේ. මේපාර ගෙදර නවතින එක්කෙනෙක් මෙයා.
පක්ෂය හැරදාලා නොගියාට ඉන්නේ අලියාගේ වලිගේ එල්ලිලා... ඇමැතිකම් අරගෙන... මෙයත් හරියට ජෝකර් කෙනෙක් වගේ...!