ඩයලොග් ආසිආටා සමාගම තම ක්ලබ් විෂන් සාමාජිකයන්ට සහ පාරිභෝගිකයන්ට අද්විතීය අත්දැකීම් පිරිනැමීමේ ප්‍රයත්නයෙහි තවත් අදියරක් ලෙස අන්තර්ජාලය හරහා සුවිශේෂී වැඩසටහන් මාලාවක් පවත්වනු ලැබීය.
මෙම වැඩසටහන් මාලාවේ සමාරම්භය සනිටුහන් වූයේ ඩයලොග් ක්ලබ් විෂන් සහ SLASSCOM හවුල්කාරීත්වයෙන් පැවැත්වූ ‘බැංකු සහ මූල්‍ය අංශය ස්වයංක්‍රීයකරණය’ පිළිබඳව වැඩසටහනෙනි. ඩයලොග් ක්ලබ් විෂන් ප්ලැටිනම් සහ ගෝල්ඩ් සාමාජිකයන්ට මෙන්ම ඔවුන්ගේ පවුල්වල අයට ද නොමිලේ සහභාගි වීමට අවස්ථාව ලද මෙම වැඩසටහන ඉදිරිපත් කරනු ලැබුවේ JKIT හි දිලිනි ද අල්විස්, මිලේනියම් IT ආයතනයේ සංජය දයානන්ද සහ Potenza ආයතනයේ ධනූෂ මුතුකුමාරණ විසිනි.
එමෙන්ම ක්ලබ් විෂන් රෙඩ් සාමාජිකයන්ට “COD මොබයිල් සෝලෝ චැලෙන්ජ්” නමැති සුවිශේෂී අන්තර්ජාල ක්‍රීඩා තරගාවලිය පවත්වන ලද අතර, මෙම තරගාවලියේදී ජයග්‍රාහකයන් සදහා ආකර්ෂණීය ත්‍යාග පිරිනමනු ලැබීය.
ඩයලොග් පාරිභෝගිකයන්ගේ වයස අවුරුදු 12-16ත් අතර දරුවන් සඳහා SLASSCOM සමඟ එක්ව සිදුකළ තවත් වැඩසටහනක් වන්නේ ‘Kids Can Code 2021’ වැඩසටහනයි. රත්නපුර, කෑගල්ල, අනුරාධපුර, බදුල්ල, හම්බන්තොට, නුවරඑළිය, මාතලේ, අම්පාර සහ මොනරාගල යන දිස්ත්‍රික්කවල දරුවන් මෙම අවස්ථාවට සක්‍රියව සහභාගි වූ අතර, තාක්‍ෂණික දැනුමක් ඇති සහ අනාගතයට සූදානම් පරම්පරාව දිරිමත් කිරීමේ දැක්මකින් යුත් ඩයලොග් ආයතනය, මේ සියලු වැඩසටහන් සඳහා ආයතනික අනුග්‍රහය දැක්වූයේය.
‘සුවැති දිවියට අත්වැලක්’ වැඩසටහන සමග එක්වීමට ඩයලොග් ජ්‍යෙෂ්ඨ පුරවැසි පාරිභෝගිකයන්ට හැකියාව ලැබුණු අතර, වසංගතය අතරතුර බෝ නොවන රෝග පාලනය කිරීම සඳහා ගත හැකි පියවර සහ ශාරීරික යෝග්‍යතාව සහ මානසික සුවතාව පවත්වා ගැනීමේ වැදගත්කම යන මාතෘකා මෙම සැසියේදී සාකච්ඡා කෙරිණි. ඒ අනුව, වසංගත කාලය තුළ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට මානසික යහපැවැත්ම පවත්වා ගැනීම සහ නවීන තාක්ෂණය සමගින් නව ජීවන රටාවට අනුගත වීම සඳහා සහයෝගය දැක්වීම කෙරෙහි අවධානය යොමු කළ ඩයලොග් සමාගමේ වැඩසටහන් රැසක් අතරට මෙය ද එක් වේ.
2025 නොවැම්බර් මස 17
87
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
925
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2545
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ඩයලොග් වෙතින් සුවිශේෂී වැඩසටහන් මාලාවක්