IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ඩයනාට එරෙහි නඩුව විභාගයට දින දෙයි

(රෝෂන් තුෂාර)

ආගමික හා විගාමික  පනත උල්ලංඝනය කරමින් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම හා  වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීයේ යැයි  චෝදනා ළද හිටපු අමාත්‍ය ඩයනා ගමගේට එරෙහි නඩුව ජූලි 31 විභාගයට ගැනීමට  කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂන  කැකුණවෙළ  මහතා අද( 24)දින නියම කළේය .

ඩයනා ගමගේ මහත්මිය  ආගමික හා විගාමික  පනත උල්ලංඝනය කරමින් වීසා නොමැතිව මෙරට රැඳී සිටි සිටීමට එරෙහිව රහස් පොලිසිය විසින්  පැවරු නඩු හතෙහි සාක්ෂි විභාගය අද දිනට නියමිතව තිබූ  අතර  ස්ථීර මහේස්ත්‍රාත්තුමිය නොමැති බැවින් මෙසේ නඩු විභාගයට කල්තැබීය .

වගඋත්තරකාරිය අධිකරණයේ පෙනී සිටීමෙන් පසුව මෙසේ දින නියම කළ අතර සාක්ෂිකරුවන්ට එදින අධිකරණය පෙනී සිටින් ලෙසට නියෝග කළේය.

නඩුවේ සාක්ෂිකරුවන් ලෙස නම් කර   සිටි  ආගමන විගමන පාලක ජනරාල්වරයාගේ නියෝජිතයෙකු ,මහාධිකරණ නඩු භාණ්ඩ කාමරයේ භාරකාරවරයා හා ,නඩුවේ පළමු සාක්ෂිකාර  පැමිණිලිකරු  අධිකරණය පෙනී සිටීයේය.



අදහස් (3)

ඩයනාට එරෙහි නඩුව විභාගයට දින දෙයි

Kamal Koyrala Thursday, 24 April 2025 11:11 AM

ඩයනා සාමාන්‍ය පුරවැසියෙක්. පුරවැසි භාවය හෝ වලංගු වීසා නොමැතිව දේශපාලන පක්ෂයක් සාදා බොළදෙකුටඑය භාර දී ජනරජයේ අමාත්‍ය ධුරයක් දරන සියලු වරප්‍රසාද භුක්ති විඳින්නත්, අමාත්‍ය විශ්‍රාම වැටුප් ලබන්නත්, ගංජා ජාත්‍යන්තරයට ගෙන යන්න , විදේශ ආයෝජන සදහා ගණිකා වෘර්තිය නීති ගත කොට ,නිදන නාගර සංකල්පය ගේන විශිෂ්ට කාන්තාවක්!

:       2       15

අතුල Thursday, 24 April 2025 06:05 PM

නමත් වෙනස් කරගෙන, පුරවැසි භාවය නැතිව හොරෙන් ඡන්දේ ඉල්ලලා, අපේ රටේ දුප්පත් මිනිස්සුන්ගේ රීරි මාංශය පවා උරාගෙන කන්න/ බොන්න පුළුවන් ඩයනා වගේ හෙරකට "විශිෂ්ඨ" සහතික දෙන්න, ඔබ කොතරම් කුජිත, පහත් වෙන්න ඕනැද? කක්කුස්සි හෝදන්න. ඒක ඊට නම්බුයි.

:       0       3

අතුල Thursday, 24 April 2025 05:56 PM

එංගලන්තෙට ආපසු යන්න කලින්, හිරේට ගිහින් අවුරුදු 3-4 ක් විවේක ගන්න.

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 715 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2386 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1749 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site