IMG-LOGO

ඩුබායි වල සිටි ලාංකික සිසුන් 197 ක් කටුනායකට

(ටී.කේ.ජී.කපිල )
 
ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඩුබායි හි රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 197 දෙනෙකු  අද (07) දින උදෑසන  කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් රැගෙන විත් තිබේ .
 
අද උදෑසන  6.20 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරණ මෙම විශේෂ ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
 
මෙම ගුවන් යානයෙන් පැමිණි ගුවන් මගීන් සියලු දෙනා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් විශබීජ හරණය කිරීමකට ලක් කෙරුණි .
 
ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ නිලධාරීන් සහ ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් විසින් ස්වයංක්‍රීය උෂ්ණත්වමාපක යොදා ගනිමින් මෙම ගුවන් මගීන්ගේ ශරීර උෂ්ණත්වය ද මැන බැලීම ද සිදු කෙරිණි.
 
ඊට අමතරව මෙම ගුවන් මගීන් තුළ කොරෝනා රෝග ලක්ෂණ තිබේදැයි පෞද්ගලිකව විමසා බැලීමක් ද එම නිලධාරීන් විසින් ගුවන් තොටුපළේ දී සිදු කෙරුණි .

ඉන්පසුව මෙම ගුවන් මගීන් පිරිස ශ්‍රී ලංකා යුධ හමුදාව මගින් නීරෝධායන කටයුතු සදහා රැගෙන යෑම සිදු කෙරුණි .

 



අදහස් (11)

ඩුබායි වල සිටි ලාංකික සිසුන් 197 ක් කටුනායකට

Pradeep Thursday, 07 May 2020 04:23 AM

අපේ රටේ අධ්‍යාපනය හොදයි කියලා පම්පෝරි ගැහුවට දැන් බැලුවාම ලංකාවේ ගොඩක් ළමයි ඉගෙන ගන්නේ පිටරටවල් වල. සමහර අය "දියුණු' යැයි සැලකෙන රටවල ඉගෙන ගත්තත් බොහෝ දෙනෙක් ඉගෙන ගන්නේ ඉන්දියාව, බංග්ලාදේශය පකිස්ථානය වගේ රටවල. ඇයි ක්‍රමයක් හදන්න බැරි මේ නිකරුනේ රටින් පිටවන ඇති විශාල මුදල් කන්දරාව ඉතිරි කර ගන්න. පෞද්ගලික විශ්ව විද්‍යාල රටකට අවශ්‍යයි. නමුත් ඒ සදහා බදවා ගැනීම් කිරීමේදී යම් මුලික සුදුසුකම් සපුරා ඇති අයව පමණක් බදවා ගැනීමත් සියලුම බදවා ගැනීම් විනිවිද භාවයකින් යුතුව පවත්වා ගැනීමත් කළ යුතුයි.

:       1       232

Indhika Thursday, 07 May 2020 04:30 AM

ඩුබායි යන්නේ මොන විෂය ඉගෙන ගන්නද ? දන්නේ නැති නිසා අහන්නේ?

:       22       163

senaThursday, 07 May 2020 06:19 AM

වෛද්‍,ය ඉන්ජිනේරු ඇතුළු සියලුම විෂයන් සදහා ලෝකයේ තියෙන ඉහළම තත්වයේ විශ්ව විද්‍යාල එහෙ තියනවා.

:       26       76

RuwanThursday, 07 May 2020 06:26 AM

සචාරක කර්මාන්තය හා සම්බන්ධ දේවල් ඉගන ගැනීමට.

:       0       7

seneviratne Thursday, 07 May 2020 01:12 PM

ඉන්ටෙර්නෙට් එකේ පොඩ්ඩක් සර්ච් කරලා බලන්න. කොතරම් ජාතන්තර විශ්ව විද්‍යාල , චාර්ටඩ් ආයතන වල ශාඛා තියෙනවද කියලා. බලලා පුදුමවෙන්න එපා.

:       0       6

shanthini Thursday, 07 May 2020 06:12 AM

ඩුබායි ඉන්න අනිත් ශ්‍රමිකයන් කවද විතර ගෙදර යන්න ලැබෙයිද. ඒ ගැන දන්නවද ?

:       0       8

සදදිය දහර Thursday, 07 May 2020 09:10 AM

මේ අය සිසුන් නෙමෙයි මමත් ඉන්නේ ඩුබායිවල.. අසරණ වුණු අය කොච්චර ඉන්නවද? කව්රු වුණත් ලංකාවට ගිය එක ලොකු දෙයක්... ඒ අයව තෝරා ගත්තේ කොහොමද කියලා ප්‍රශ්නයක්...

:       0       0

Rasika Thursday, 07 May 2020 09:12 AM

ආ.. දැන් කැමරා මල්ලිලාගේ.. කැමරා වැඩද?

:       0       0

Achini Thursday, 07 May 2020 12:15 PM

බලනකොට ලංකාවෙ අධ්‍යාපනය අන්තිමයි වගේ...

:       0       0

Saman Thursday, 07 May 2020 12:53 PM

ඊයේ ලංකාවේ රජය මෙහෙ අසරණ වෙලා ඉන්න ඔක්කොටම කොලේ වහල තමයි ඔය ගෙන්නුවේ මෙහෙට... හොද වැඩේ මෙහෙන් චන්දෙ දාන්න අතින් ටිකට් අරන් ගිය අයට...

:       0       1

ඔබ සිහිනයක් වගේ Thursday, 07 May 2020 12:58 PM

හොදම විසදුම ලංකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාල හදල හරි කැමති අයට උපාධියක් ලබා ගැනීමේ අවස්ථාව ලබා දෙන්න. රටේ සල්ලිත් ඉතුරුයි. පිට රටකට යනවනම් තවත් වැදගත් වෙයි උපාදියක් තිබීම.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 64 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 14 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 668 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site