IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ඩොනල්ඩ් ට්‍රම්ප්ටත් කෝවිඩ් - 19 පරීක්ෂණයක්

කෝවිඩ් - 19 වයිරසයට ගොදුරු වී ඇතිද නැද්ද යන්න පිළිබඳව දැනගැනීම සඳහා තමන්ද වෛද්‍ය පරීක්ෂණයකට මුහුණ දුන් බව පවසන ඇමරිකානු ජනාධිපති ඩොන්ල්ඩ් ට්‍රම්ප් මහතා තමන්ගේ ශරීර උෂ්ණත්වය ඉතාමත් සාමාන්‍ය මට්ටමේ පවතින බව පවසයි. අද (14 වැනිදා) වොෂින්ටන් නුවරදී පැවැති පුවත් පත් සාකච්ඡාවකදී මාධ්‍යවේදීන් හමුවේ ට්‍රම්ප් මහතා එසේ කියා සිටියේය.

මේ වන විට ඇමරිකානුවන් 50 කට වැඩි පිරිසක් කෝවිඩ් - 19 වසංගතය හේතුවෙන් මියගොස් තිබෙන අතර ඇමරිකානු ජනජීවිතය බෙහෙවින් අඩාල වී තිබෙන බවද වාර්තා වේ.

මෙම පුවත් පත් සාකච්ඡාව සඳහා වොෂින්ටන් නුවර ධවල මන්දිරයටපැමිණි මාධ්‍යවේදීන්ගේත් ශරීර උෂ්ණත්වය මැන බැලීමටද ඇමරිකානු ජනාධිපතිවරයාගේ ආරක්ෂක නිලධාරීන් පියවර ගෙන තිබුණු අතර එය කිසිදා අනුගමනය නොකළ ක්‍රියාමාර්ගයක් විය. එහෙත් ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අස්වසාලමින් අදහස් පළකළ ඇමරිකානු ජනාධිපතිවරයා කියා සිටියේ තමන්ද ඊයේ (සිකුරාදා) වෛද්‍ය පරීක්ෂණයකට මුහුණ දුන් බවත් තවත් දවසකින් හෝ දෙකකින් එහි ප්‍රතිඵල බලාපොරොත්තුව සිටින බවත්ය.

මේ වන විට ඇමරිකානුවන් 2000 කට වැඩි පිරිසකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවත් ඔවුන් අතුරින් 50 ක් පමණ දෙනා මියගොස් ඇති බවත් වාර්තා වේ.

පසුගිය සිකුරාදා හදිසි තතත්වයක් ප්‍රකාශයට පත්කළ ඇමරිකානු ජනාධිපතිවරයා පවතින සෞඛ්‍ය අර්බුදයෙන් රට ගොඩගැනීම සඳහා ඇමරිකානු ෆෙඩරල් රජයේ උපරිම බලය යොදවන බව පැවසීය. ඒ වෙනුවෙන් ඇමරිකානු ඩොලර් බිලියන 50 ක් මුදාහැරීමටද ජනාධිපතිවරයා පියවර ගත්තේය.

මේ වන විටත් යුරෝපයේ රටවල් ගණනාවක සිට එන සංචාරකයන්ට දොරටු වසා ඇති ඇමරිකා එක්සත් ජනපදය අද (සෙනසුරාදා) රාත්‍රියේදී එය එංගලන්තයට සහ අයර්ලන්තයටත් පැනවීමටද සූදානමින් සිටී. කෝවිඩ් - 19 වසංගතය හේතුවෙයන් ඇමරිකාවේ පාසල්, විනෝදස්ථාන, ක්‍රීඩා තරග මෙන්ම සංස්කෘතික අංගද නතර කර දැමීමට ඇමරිකානු රජය තීරණය කර තිබේ.
 



අදහස් (0)

ඩොනල්ඩ් ට්‍රම්ප්ටත් කෝවිඩ් - 19 පරීක්ෂණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31249 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13426 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10980 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 83 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 919 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 276 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site