කාලෙන් කාලෙට හිස ඔසවන ලෙඩ රෝග අතර ඩෙංගු රෝගය විශේෂිතයි. 2022 වර්ෂයේ දෙසැම්බර් මස 26 වැනිදා වන විට අපේ රටේ ඩෙංගු බවට සැක කටයුතු රෝගීන් 75,434ක් සොයා ගෙන ඇත.
මෙය පසුගිය වසරේ ඩෙංගු රෝගීන් මෙන් දෙගුණයකටත් වඩා වැඩි සංඛ්‍යාවකි. පසුගිය සති හතරක කාලය තුළ ඩෙංගු රෝගීන්ගේ ශීඝ්‍ර වැඩිවීමක් රට පුරා ම නිරීක්ෂණය වන අතර දිනකට රෝගීන් 200ත් 300ත් අතර රෝහල්වලින් හමුවේ.
මෙම තත්ත්වය තව දුරටත් වැඩි වෙමින් පැවතුණහොත් 2023 ජනවාරි මාසය තුළ ඩෙංගු රෝගීන් විශාල ලෙස ඉහළ යාමේ අවදානමකට මුහුණ පෑමට සිදුවනු ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවා ඇත.
මේ අතර, ඩෙංගු රෝග කාරක වයිරසය පතුරවන ඊඩිස් වර්ගයේ මදුරු ඝනත්වය රටේ බොහෝ පැතිවලින් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව කීට විද්‍යා සමීක්ෂණවලින් අනාවරණය කර තිබේ.
මේ තත්ත්වය තුළ,රට තුළ ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීමට වහා ම කටයුතු කිරීම අප සැමගේ වගකීමයි.
තම නිවස තුළ සහ නිවස අවට මදුරුවන් බෝවිය හැකි ස්ථාන සොයා බලා ඒවා ඉවත් කිරීමට කටයුතු කිරීමත් එයට අමතරව තමා රාජකාරි කරන ස්ථානය සහ තමන් පදිංචි නගරයේ පොදු ස්ථානවල මදුරුවන් බෝ විය හැකි ස්ථාන සොයා බලා ඒවා ඉවත් කිරීමට කටයුතු කිරීමත් වැදගත්ය.
එසේ ම, 2023 ජනවාරි මස 02 දින නව පාසල් වාරය ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බැවින් දිවයින පුරා සියලු පාසල්වල විදුහල්පති ඇතුළු කාර්ය මණ්ඩලය පාසල් දරුවන්ගේ මවුපියන් සහ ස්වේච්ඡා සංවිධාන සමග එක් ව ඊට ප්‍රථම පාසල් පරිසරය පරීක්ෂා කර බලා මදුරුවන් බෝ විය හැකි සියලු ස්ථාන හඳුනා ගෙන ඒවා ඉවත් කිරීමට ද සැළසුම් කර තිබීම ඉතා වැදගත්ය.
ඉහත සියලූම කටයුතුවලදී අවශ්‍ය මග පෙන්වීම ලබා දීමට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිගෙන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකව සූදානමින් සිටිති.
ලැබුවාවූ නව වසරේදී ඩෙංගු රෝග ව්‍යාප්තිය අවම කරගනිමින් ඔබේත් , ඔබේ ආදරණීයන්ගේත් සුවය සුරැකෙන පරිදි කටයුතු සම්පාදනය සඳහා ඔබ සියලුදෙනා , පෙර පරිදිම වගකීමෙන් ක්‍රියා කරනු ඇතැයි යන්න අපගේ විශ්වාසයයි.
(සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ තොරතුරු ඇසුරිනි)
-සටහන- මාධවී ධර් මරත්න
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
ඩෙංගු බියෙන් තොර නව වසරක්