(කේ.පී. සුමනදාස)
ඇඹිලිපිටිය නවනගරය උදාකල ගම්මානයේ නිවසක් වටලා ටී 56 උණ්ඩ සහ කේරල ගංජා සමග එක් අයකු අත් අඩංගුවට ගැනීමට ඇඹිලිපිටිය දිසා දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන්ට සමත්ව තිබේ.
නිවස වටලා සෝදසි කිරීමේදී එහි සගවා තිබූ ටී. 56 උණ්ඩ 11 ක් කේරල ගංජා මිලි ග්‍රෑම් 35,500ක් හමුවී ඇත.
ඇඹිලිපිටිය නගරයට කේරල ගංජා ලබා දෙනු ලබන පුද්ගලයකු බවට දිසා මර්ධන ඒකකයේ නිලධාරීන්ට ලැබූ තොරතුරක් මත දින කිහිපයක් තිස්සේ මොහු පිලිබදව සෝදිසියෙන් සිට පසුව මෙම වැටලීම සිදු කර ඇත.
අත් අඩංගුවට ගන්නා ලද පුද්ගලයා ටී.56 උණ්ඩ කේරල ගංජා සමග ඇඹිලිපිටිය මුලස්ථාන පොලීසියට භාරදී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd