(යොහාන් භාසුර)
ප්‍රවේශපතක් නොමැතිව දුම්රියේ යෑමේ චෝදනාවට පුද්ගලයෙක්ගේ ජාතික හැදුනුම්පත සහ ජංගම දුරකථන භාරයට ගැනීමට දුම්රිය ආරක්‍ෂක අංශයට නීතිමය බලයක් නොමැති යැයි ‘ලංකාදීප’ කළ විමසුමකදී දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්. ඒ. ඩී. එස්. ගුණසිංහ මහතා පැවසීය.
ජාතික හැදුනුම්පත සහ ජංගම දුරකථන භාරයට ගැනීමෙන් මගී ජනතාව අපහසුතාවට පත්වන්නේ නම් ඒ පිළිබඳව සොයා බලන බව ද ගුණසිංහ මහතා වැඩි දුරටත් කීය.
ප්‍රවේශපතක් නොමැතිව දුම්රියේදී දුම්රිය ආරක්‍ෂක අංශ නිලධාරීන් භාරයට ගන්නා පුද්ගලයන්ගෙන් කාලයක සිට ජාතික හැදුම්පත ගන්නා අතර අදාල පුද්ගලයා සතුව ජාතික හැදුනුම්පත නොමැති වුවහොත් ඔහු සතුව ඇති ජංගම දුරකථනය හෝ වෙනත් වටිනා භාණ්ඩයක් භාරයට ගැනීමට දුම්රිය ආරක්‍ෂක අංශය කටයුතු කරමින් සිටියි.
ඇතැම් අවස්ථාවල දුම්රිය ආරක්‍ෂ අංශය මගී ජනතාවගේ ස්වර්ණාභරණ වැනි දේ ද භාරයට ගැනීමට උත්සහ කරන බව ද ජනතාව පවසති.
ජාතික හැදුනුම්පත භාරයට ගැනීම පිළිබඳව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකුගෙන් කළ විමසුමකදී පැවසුවේ දුම්රිය ආරක්‍ෂක අංශයට ජාතික හැදුනුම්පත භාරයට ගැනීමට කිසිඳු බලයක් නොමැති බවත් අදාල පුද්ගලයාට ඒ පිළිබඳව නීතිමය කටයුතු කළ හැකි බවත්ය.

COMMENTS
නොමැති ප්‍රවේශ පත්‍රය වෙනුවෙන් මගීන් සතු දේපල පවරා ගැනීමත් ,ඇඟට අත තැබීමටත් සී ගී ආර් ආරක්ෂක අංශයට බලයක් නැත
Mingling with "kakko" or railway ticket checkers, rouges in false uniforms can "confiscate" these official documents or valuables putting commuters in great difficulty !
දුමිරිය සේවය ආරමිභ වී දැනට වසර 158 ගත වෙලා. නියමිත වලංගු ටිකටි පතක් නොමැතිව ගමන් කරණ මගියෙකුට අදාල වන සුපැහැදිලි නීති පද්ධතියක් මෙි දක්වා ක්‍රියාත්මක නොවෙි නමි ඒ පිළිබදව අදාල බලධාරීන් ව වහාම දඩුකන්දේම ගැසිය යුතුය. පළමුවත්, දෙවනුවත්, මතුනොව තෙවනුවත් ලැජ්ජම ලැජ්ජයි. අයියෝ සාමි!!!