IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


ට්‍රිප් එකක් ආ සිසුන් පිරිසක් ක්ලාන්තය වී රෝහලේ

( ෂේන් සෙනෙවිරත්න)

හම්බන්තොට හා ගොන්නොරුව විදුහලේ සිසුන් පිරිසක් මහනුවර අධ්‍යාපන චාරිකාවක යෙදෙන අතරතුර ඉන් සිසුන් පස් දෙනෙකු හදිසියේ ක්ලාන්ත වී බිම ඇද වැටීම හේතුවෙන් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කොට ඇති බව පොලීසිය කියයි.

මෙම සිසුන් පිරිස ඊයේ (20) සවස පේරාදෙණිය උද්භිත උද්‍යානය නැරඹීමෙන් අනතුරුව ඉන් එළියට පැමිණ එහි අවට තිබූ වෙළඳ සැල් වලින් කෙටි ආහාර සහ කිරි ආහාරයට ගෙන ඇති අතර ඔවුන් රාත්‍රී කාලයේ ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව වැඳ පුදා ගැනීම සඳහා ගොස් ඇත.

අනතුරුව ඔවුන්ගේ බස් රථය නවතා තිබූ ජාතික පොළ භූමිය අසලට සිසුන් කණ්ඩායම පැමිණීමෙන් පසු සිසුන් පස් දෙනකු හදිසියේම ක්ලාන්ත වී බිම ඇද වැටි ඇති අතර ඔවුන් සුව සැරිය ගිලන් රථ මගින් මහනුවර ජාතික රෝහලට වහාම ඇතුළත්කොට තිබේ.

එම සිසුන් ගත් කිසියම් ආහාරයක් විස වීම හේතුවෙන් ඔවුන් එසේ ක්ලාන්ත වී ඇති බවට  වෛද්‍යවරුන්ගේ නිගමනය වී ඇති අතර ඔවුන් ආහාර ලබාගත් බව කියන වෙළඳසැල් සොයා ගැනීම සඳහා පොලිස් විමර්ශන ආරම්භ වී තිබේ.



අදහස් (0)

ට්‍රිප් එකක් ආ සිසුන් පිරිසක් ක්ලාන්තය වී රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31733 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14193 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11134 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 208 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1138 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 319 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site