
තමන් ගාසා තීරයට ගොස් ඇතැයි හිටපු ජනාධිපති, රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. කෙසේ නමුත් ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පාක්ෂිකයන් පවසන්නේ ට්‍රම්ප් ගාසා තීරයට ගිය බවට කිසිදු සාක්ෂියක් නැති බවය.
එලැඹෙන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයට ට්‍රම්ප් ඉදිරිපත් වෙයි. ඒ, ඔහුට තවත් එක් ධුර කාලයක් ඉතිරි වී ඇති බැවිනි. ගාසා තීරයට ගිය බව ට්‍රම්ප් පැවැසුවේ, පසුගිය දා ගුවන් විදුලි නිවේදක හියු හිවෙට් සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක් අතරතුරේදීය.
‘සිදුවන විනාශයට කලින් මා ගාසා තීරයට ගිහින් තියෙනවා. ගාසා තීරය සංචාරකයන් ආකර්ශණය කර ගැනීමට කියාපු තැනක්. හොඳින් සැලැදුම් කරමින් ඉදි කිරීම් කළොත් ගාසා තීරය කියන්නේ හොඳ ආයෝජනයක්’ යැයි ට්‍රම්ප් ගාසා තීරය ගැන අදහස් පළ කර තිබේ.
කෝටිපතියකු ද වන ඩොනල්ඩ් ට්‍රම්ප්, දේපොළ වෙළඳාම් කටයුතු සම්බන්ධ ව්‍යාපාරිකයකු ද වෙයි. ට්‍රම්ප් පෙන්වා දුන්නේ ගාසා තීරය සංචාරක ආකර්ශණයක් බවට පත් තිරීම ඔහුට හැකියාව ඇති බවය.
(ඒ.එෆ්.පී.)

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.