
පෙන්සිල්වේනියාවේ මැතිවරණ රැළියක් අතරතුරේ, හිටපු ජනාධිපති ප්‍රතිවාදී රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාරයක් එල්ල විය.
එක් වෙඩි උණ්ඩයක් ට්‍රම්ප්ගේ දකුණු කණ අසග තුවාල වුණු බවත් ආරක්ෂක අංශ සාමාජිකයන් වහා මැදිහත් වී ට්‍රම්ප් ආරක්ෂිතව එතැනින් ඉවත් කළ බවත් ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

දහසකට වැඩි පිරිසක් එළිමහනේ පැවැති එම මැතිවරණ රැලියට පැමිණ සිටි අතර වෙඩි ප්‍රහාරය එම පිරිස අතරින් වේදිකාවේ සිටි ට්‍රම්ප් දෙසට එල්ල විය.
වෙඩි ප්‍රහාරය එල්ල වුණු සැණින් සීක්‍රට් සර්විස් ජනාධිපති ආරක්ෂක අංශ සාමාජිකයන් වහා ට්‍රම්ප් වටකරගෙන ඔහුට ආරක්ෂාව දෙද්දී, සෙසු හමුදා ආරක්ෂක නිලධාරීන්ගේ අවධානය වෙඩික්කරු යැයි සැක කළ පුද්ගලයා වෙත යොමු වූ බවත්, ආරක්ෂක අංශ නිලධාරීන් තත්පර කීපයක් ඇතුළත පෙරළා කළ වෙඩි තැබීමෙන් ඔහු මියගිය බවත් පැවැසෙයි.
වෙඩි තැබීම කළේ ස්නයිපර් තුවක්කුකරුවෙකි.

මැතිවරණ රැලිය පැවැත්වූයේ පෙන්සිල්වේනියාවේ බට්ලර් ප්‍රාන්තයේ නගරයේය. වෙඩි හුවමාරුව අතරතුරේ රැලියට සහභාගී වී සිටි අයකු ද ජීවිතක්ෂයට පත්වුණු බව පැවැසෙයි. මේ බව බට්ලර් ප්‍රාන්ත නීතිපතිවරයා ද තහවුරු කර ඇත.
කණ අසල සීරිමක් වැනි තුවාලයක් දකින්න ලැබුණත්, ට්‍රම්ප්ගේ තත්ත්වය බරපතළ නොවන බව සහ ඔහු යහතින් සිටින බව පැවැසෙයි. ආරක්ෂක අංශ සාමාජිකයන් ට්‍රම්ප් වටකර ගනිමින් වේදිකාවෙන් රැගෙන යද්දී ඔහු තමා හොඳින් සිටින බව පෙන්වමින් රැස්ව සිටි පිරිසට අත වැනුවේය.
(සි.එන්.එන්.)
COMMENTS
ට්‍රම්ප් යහතින් ඉන්නවාලු. දැනුයි ඇඟට ලේ ඉනුවේ. අනේ හොඳා ඒකට ලංකාවේ එවුන් යහතින් ඉන්නවා. පව්!
ඔහොම ගැටක් තියන එවුන් ලංකාවේ නැ
බයිඩන් අප්පුහාමි මරු විකල්ලෙන් විකාර නටනවා. ට්‍රම්ප්ව හිරේ දාන්න දස අතේ ගේම් දීලා කෙලවුනාම, මරවන්න ගේම ගහනවා. බයිඩන් නම් පරණ ජෙප්පෙක්ද මන්දා, කුහක කමයි ඉරිසියාවයි ජඩකමයි දෝරෙ ගලනවා. මෙයා ජනාධිපති වුණේ නැත්තන් අදටත් යුක්‍රේනේ කොල්ලෝ ලක්ශ 5ක්, රුසියාවේ කොල්ලෝ ලක්ශ 1.5ක්, පලස්තීනේ 38,000ක්, ඊස්‍රායලේ 2000ක් ජීවත් වෙනවා.
මේකට KPI ගේ වැඩක් කියලා අපේ හරක් ටික කියලද දන්නේ නෑ.
1999 අපේ ඡන්දේ මතක් වුණා...
පුදුම විය යුතු කාරණයක් නෙවෙයි, ලෝකයේ වැඩිම මානසික ලෙඩ්ඩු ඉන්න රට, කොකා කෝලා වලටත් වඩා ගිනි අවි විකුනන රට, ඕනැම අපරාධයක් කිරීමට නිදස තියෙන රටක්! - අපිට හිතන්න තියෙන්නේ අපේ රටත් මේ වගේ වෙයිද කියලා...
මේකට සම්මාන දෙන්න බෑ.
අපේ රටේ ඔහොම දෙයක් වුනානම්,ඒක මුළු රටටම සුභ ආරංචියක් වෙනවා.රතිඤ්ඤ පත්තු කරන්නං,කිරිබත් කඤ්ඤං.
ගිය සතියේ ලංකාවේ වුනා වගේ මේක ටම්ප්ගෙි ප්ලැන් එකක් ස්නයිපර් සොට් එකක් කන ලගින් යන්න විදියක් නැ
අනේ ඉතින් මෙහෙ නම් රාජපක්ෂලා හොඳින් ඉන්නවා.
මේකෙන් වෙන්නේ ට්‍රම්ප්ට ලැබෙන ඡන්ද ප්‍රමාණය තවත් ඉහළ යාමයි.
වෙඩි උණ්ඩ වල KPI කියලා ගහලාද බලන්න...!
බැලූ බැල්මට පේන්නේ මිනිහාම තියාගෙන වගේ... තියපු එකාවත් මරලනේ... දැන් කොහොමද සාක්ෂි...?
ඕක ලංකාවේ වුණා නම්, වෙඩි තියපු එකා රටින් පනිනකම් අල්ලන්නේ නැහැ.
තියලාද? නැත්නම් තියවාගෙනද? තවම පැහැදිලි නෑ...
ලක්ෂිිත කියන හාදය පිස්සුවෙන් කියවනව, තව මාස තුනකින් තමන් සහ තමන්ගෙ පන්තිය අයුතු ලෙස ජනතා මුදල් ගසා කා ලබාගත් වරප්‍රසාද නතරවෙන බව දැන ගෙන, ඒකයි ඔය ජවිපෙ කුහකයි කියන්නෙ. රටේ සම්පත් අයුතු භාවිතය , රථ පෙලපාලි, අප්පගෙන් පුතාට දේශපාලනයට එරෙහිව නොබියව කතා කරන ජවිපෙ , නිවට කමට වලිගෙ පාත්කරගෙන අර සංදර්ශන බලන උන්ට කුහකයි කියල පේනව.