IMG-LOGO

ට්‍රම්ප් අධිකරණය හමුවට

ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට එරෙහි සිවිල් නඩුව නිව්යෝක් අධිකරණය හමුවේ ආරම්භ වූ අතර, ට්‍රම්ප් සිය පුතුන් දෙදෙනා ද සමඟ අධිකරණය හමුවේ පෙනී සිටියේය.

ට්‍රම්ප් කෝටිපති ව්‍යාපාරිකයෙකි. ට්‍රම්ප් සිය ව්‍යාපාර අධිරාජ්‍යය පිහිටුවා ඇත්තේ දේපොළ වෙළෙඳාම් හරහාය. ට්‍රම්ප්ගේ පුතුන් දෙදෙනා ඩොනල්ඞ් ට්‍රම්ප් ජූනියර් (කණිෂ්ඨ) සහ එරික් ට්‍රම්ප් ද එම ව්‍යාපාර කටයුතුවලට සම්බන්ධ වී සිටිති.

ට්‍රම්ප් ට පමණක් නොව, පුතුන් දෙදෙනාට ද චෝදනා එල්ල වී ඇත්තේ, එම ව්‍යාපාර අධිරාජ්‍යය ගොඩනැගීම සඳහා ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කළ බවටත්, එයින් ඇමෙරිකන් ඩොලර් මිලියන 100 ක මුදලක් වංචනික ලෙස උපයා ඇති බවටත්ය.

නීතිපතිවරිය ලෙටිටීයා ජේම්ස් අධිකරණය හමුවේ පෙන්වා දුන්නේ, හිටපු ජනාධිපති ට්‍රම්ප්ට එරෙහිව ඇමෙරිකන් ඩොලර් මිලියන 250 ක දඩයක් පැනවිය යුතු බවය. ට්‍රම්ප් සමඟ ඔහුගේ ව්‍යාපාරවලට එක් වී සිටින පුතුන් දෙදෙනාට නිව්යෝක් ප්‍රාන්තයේ ව්‍යාපාර කටයුතු තහනම් කළ යුතු බව ද නීතිපතිවරිය ලෙටිටීයා ජේම්ස් වැඩිදුරටත් පැහැදිලි කළාය. ඊට අමතරව, ට්‍රම්ප්ට සහ ඔහුගේ සමාගමට එරෙහිව දේපොළ වෙළෙඳාම් කටයුතුවල යෙදීම වසර 5 ක් තහනම් කළ යුතු බව ද නීතිපතිවරිය යෝජනා කළාය.

තමන්ට එල්ල වන සියලු චෝදනා ට්‍රම්ප් ප්‍රතික්ෂේප කරයි. ට්‍රම්ප් තරයේ පවසන්නේ තම ප්‍රතිවාදීන් තමන්ගේ නම කැත කිරීමට උත්සාහ ගන්නා බවය. 2024 වසරේ දී ඇමෙරිකන් ජනාධිපතිවරණයට රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින් ට්‍රම්ප් ඉදිරිපත් වීමට නියමිතය. ට්‍රම්ප්ට චෝදනා රැසක් එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් නඩු විභාග පැවැත්වෙයි. ට්‍රම්ප්ගේ මැතිවරණ කටයුතුවලට එය බාධාවක් වනු ඇතැයි ද පැවැසෙයි.

(සී.එන්.එන්.)



අදහස් (0)

ට්‍රම්ප් අධිකරණය හමුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 149 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 355 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site