IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ජෝ බයිඩ්න් - බෙන්ජමින් විනාඩි 25ක් කතා කරයි

(විමුක්ති එස් රුද්‍රිගු)

ඉරානයට පහර දීමට ඇමෙරිකාව කිසිසේත් සහාය ලබා නොදෙන බව ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්‍යාහුට දන්වා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

දෙරටේ නායකයන් අතර විනාඩි 25 ක පමණ කාලයක් පැවැති දුරකතන සංවාදයකදී ඇමෙරිකානු ජනාධිපතිවරයා ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාට මෙම දැනුම්දීම සිදුකර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

එහිදී ඊශ්‍රායලය මීළඟ පියවර ගැනීමට පෙර ඇමෙරිකාවේ උපදේශනය ලබා ගන්නා බවටත් හමුදා ක්‍රියාමාර්ගයක් ගැනීමට පෙර ඇමෙරිකාවට අනතුරු ඇඟවීමක් ලබා දෙන බවටත් සහතිකයක් ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා ලබා දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඊශ්‍රායලය නැවත වරක් ඉරානයට පහර දුනහොත් කලාපීය යුද්ධයක් ඇති වී ඛේදජනක තත්ත්වයක් ඇති වේ යැයි ඇමෙරිකානු බලධාරීන් බියෙන් පසුවන බවද විදෙස් මාධ්‍ය පෙන්වා දුන්නේය.

හමාස් සංවිධානය පරාජයට පත්කර ලබාගත් ජයග්‍රහණයෙන් සෑහීමකට පත්වෙන ලෙසද එම දුරකථන සංවාදයේදී ජනාධිපති ජෝ බයිඩ්න් ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාට දන්වා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පසුගියදා ඩමස්කස් අගනුවර ඉරාන කොන්සල් කාර්යාලයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඩ්‍රෝන සහ මිසයිල තුන් සියයකට වඩා වැඩි ප්‍රමාණයක් භාවිත කරමින් ඉරානය ඊශ්‍රායලයට ප්‍රහාරයක් එල්ල කළේය.

 



අදහස් (1)

ජෝ බයිඩ්න් - බෙන්ජමින් විනාඩි 25ක් කතා කරයි

chinthaka Sunday, 14 April 2024 05:24 PM

ඇමෙරිකාව නැත්නම් ඊශ්‍රායලය නැත්තටම නැතිවෙලා , දෙවෙනි ලෝක යුද්දෙට කලින් හිටියා වගේ යුදෙව්වෝ පෙට්ටි ඔලුවේ තියාගෙන ලෝකයේ හැමතැනම ඇවිදිනවා . මේ සැරේ ඉල්ලන් කෑවා.මුළු ලෝකයම අප්‍රිය කරන මේ අහිකුන්ටකයින් මුළු ලෝකයටම විතරක් නොවෙයි දෙවියන්ටත් එපාවී ශාප ලැබූ කණ්ඩායමක්.

:       2       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 525 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 479 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 418 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site