
(රංජිත් රාජපක්ෂ)
ගිනිගත්හේනේ සිට බදුල්ල දක්වා ධාවනය වූ ජීප් රථයක් මාර්ගයෙන් ඉවතට පැන නුවරඑළියේ සිට කොත්මලේ ජලාශයට ජලය ගලා බසිනා නානුඔය ඔයට පෙරැළිමෙන් එහි සිටි දෙදෙනෙකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලට අද (27) ඇතුළත් කර ඇති බව නානුඔය පොලිසිය පැවසීය.
උදෑසන 6.00 ට පමණ හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ නානුඔය බ්ලැක්ෆූල් මංසන්ධිය ආසන්නයේ දි මෙම අනතුර සිදුව ඇත.
ධාවනය වෙමින් තිබූ ජීප් රථයේ රියදුරාට නින්ද යෑමෙන් මාර්ගයෙන් ඉවතට පැන ඇති ජීප් රථය ප්‍රධාන මාර්ගය අභියස පිහිටි කොන්ක්‍රීට් සැතපුම් කණු කිහිපයක් කඩාගෙන අඩි 20ක් පමණ ප්‍රපාතයෙන් වූ නානුඔය ඔයට පෙරැළි ඇතැයි පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතික ආරක්ෂාව අනතුරේ.
හරි විදියට ඔය ජීප් එකක් නෙවෙයි, බඩු අදින කැබ් එකක්. අපිට ඉතින් ඒවත් ජීප් තමයි. ත්‍රීවීල් එක තමයි අපේ ලිමොසින් එක. කාර් එක, වෑන් එක, බස් එක ඔක්කොම.
ඩ්‍රයිවර්ගේ නිෂ්පාදන දෝෂයක්!..
මාර්ගයේ සැතපුම් කණුවල ප්‍රමිතිය සලකා බලන්න වෙයි