IMG-LOGO

2025 දෙසැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


ජාවාරම්කරුවන්ගෙන් කප්පම්ගත් හමුදා සෙබළුන් දෙදෙනා පොලිස් දැලේ

(ලලිත් නවරත්න)

හලාවත ඇතුලූ තදාසන්න ප‍්‍රදේශවල  නීතිවිරෝධි ව්‍යාපාර හා විවිධ  ජාවාරම්වල නියැලෙන පුද්ගලයින් සොයා ඔවුන් ඉදිරියේ පොලීසියේ අංශභාර ප‍්‍රධානින් ලෙස පෙනී සිටිමින් මහාපරිමාණයෙන් කප්පම්ගත් හමුදා සොල්දාදුවන් දෙදෙනෙකු  අත්අඩංගුවට ගත්බව හලාවත පොලීසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ දැනට හමුදා සේවයේ යෙදී සිටන සොල්දාදුවන් දෙදෙනෙකි.

ගංජා සහ හෙරොයින් අලවිය සම්බන්ධයෙන් පෙරවැරදි ගනනාවක් ඇති හලාවත ප‍්‍රදේශයේ කාන්තාවන් දෙදෙනෙකු විසින් හලාවත පොලීසියටකරනලද පැමිණිල්ලකට අනුව මෙම වැටලීම සිදුකර ඇත.

අනතුරුවහලාවත ඊබට් සිල්වා වත්ත ප‍්‍රදේශයේ සැකකරුවන් විසින් කප්පම් ගැනීම සඳහා බියවැද්දීමක් සිදුකරමින් සිටින අවස්ථාවකදී රහසිගතව සැගව සිටි පොලීසිය මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

මෙම ජාවාරම සැකකරුවන් විසින් දීර්ඝකාලයකසිට සිදුකර ඇති අතර ඔවුන් සිවිල් ඇදුමින් ගොස් පොලීසියේ අපරාධ අංශයේ, දුෂණ මර්දන අංශයේ ලෙස පෙනී සිටිමින් කප්පම නොදෙන්නේනම් අත්අඩංගුවට ගන්නාබව පවසමින් විශාල ලෙස මුදල්  ගෙන ඇතිබව පොලීසියසිදුකළ විමර්ශන වලදී තහවුරුවී ඇත.

මේ සම්බන්ධයෙන් පැමිණිලි කළ කාන්තාවන් දෙදෙනාද හෙරොයින් සහ  ගංජා අලෙවිය සම්බන්ධයෙන් පෙරවැරදි ගණනාවකට පොලිස් අත්අඩංගුවට පත්ව ඇති අතර ඔවුන්ට එරෙහිව අධිකරණයේ නඩුද විභාගයවන බව පොලීසිය පවසයි.

ඔවුන් මෙම පැමිණිල්ලේදී පොලීසියට ප‍්‍රකාශකර ඇත්තේ මෙම ජාවාරම් වලින් මේවනවිට ඉවත්ව ඇතත් එසේ සිටියදිත් තමන්ව බියවද්දා මෙම සැකකරුවන් විසින් දිගින් දිගටම කප්පම් ඉල්ලා සිටින බවයි. 

 



අදහස් (0)

ජාවාරම්කරුවන්ගෙන් කප්පම්ගත් හමුදා සෙබළුන් දෙදෙනා පොලිස් දැලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්





“කන්න දීප අත සපා කෑ අලියා“
2025 නොවැම්බර් මස 19 6141 2

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 317 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 347 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1280 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site